ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මිරිදිය මත්ස්‍ය පරිභෝජනය වර්ධනය කිරීමේ වැඩසටහනක් නුවරඑළියේදී

    සැප්තැම්බර් 09, 2014
    පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මිරිදිය මත්ස්‍ය පරිභෝජනය වර්ධනය කිරීම වෙනුවෙන් විශේෂිත වූ යෝජනා කිහිපයක් පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති පෝෂණ කමිටුවෙහි දී සාකච්ඡාවට ලක් විය. 


    ඒ අනුව ගර්භනී මාතාවන් සහ පවුල් ඒකක වෙත මෙම මිරිදිය මත්ස්‍ය පරිභෝජනය සහ එහි පෝෂ්‍යදායි වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්  නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

     

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ මිරිදිය මත්ස්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ජලාශ 53ක් ආශ්‍රිතව ව්‍යාප්ත කිරීම මේ වන විට සිදු කොට හමාරය. නුවරඑළිය වතු ප්‍රජාව ආශ්‍රිතව පවතින පෝෂ්‍යදායි තත්ත්වය අවම මට්ටමක පවතින බැවින් මෙම මිරිදිය මත්ස්‍ය පරිභෝජනය වැඩසටහන් ඔවුන් ඉලක්ක කොටගෙන සිදු විය යුතු බවට දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා මෙහිදී විශේෂයෙන් සඳහන් කළේය. එමෙන් ම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය ඒකක ආශ්‍රිතව ජංගම මිරිදිය මත්ස්‍ය අලෙවිසැල් ප්‍රවර්ධනය කිරීමටත් එමඟින් ගර්භනී මාතාවන් සහ කුඩා දූ දරුවන් ඉලක්ක කොටගෙන මත්ස්‍ය පරිභෝජනය වර්ධනය කළ හැකි බවටත් දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

     

    මිරිදිය මත්ස්‍ය ආහාර ප්‍රෝටීන් බහුල ආහාර බැවින් එවැනි ආහාර වේලක අවශ්‍යතාව ප්‍රජාව අතර ජනප්‍රිය කරවීම, පෝෂ්‍යදායී ප්‍රජාවකගේ හෙට දවසට මනා පිටුබලයක් සපයන බව ද මෙහිදී අනාවරණය විය.

     

    NDH/SH-dmu nuwaraeliya

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya