ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පාසල් නිවාඩුවේදී කිරි වීදුරුව දහම් පාසල්වලට සහ ගර්භනී මාතාවන්ට

    සැප්තැම්බර් 09, 2014

    පෙරපාසල් දුවා දරුවන්ට ලබා දෙන කිරි වීදුරුව ඔවුන්ගේ නිවාඩු කාලසීමාවන් තුළ දී දහම් පාසල් දූ දරුවන් සහ ගර්භනී මාතාවන්ට ද ලබා දීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙස බලධාරීන්ට උපදෙස් දීමට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා කටයුතු කර ඇත.


    දිස්ත්‍රික් ලේකම්වරයා මේ පියවර ගෙන ඇත්තේ පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික් පෝෂණ කමිටුව රැස්වීමේදී ය. 

     

    මෙහිදී විශේෂයෙන් ම අවධානයට ලක් වූ මාතෘකාව බවට පත් වූයේ ගර්භනී මාතාවන් සහ දුවා දරුවන්ගේ පෝෂණ තත්ත්වය වර්ධනය කිරීම සඳහා ගුණාත්මක බවින් පිරිපුන් දේශීය ආහාර ප්‍රවර්ධනය කිරීම පෙරමුණ ගැන්වීමයි. පෙරපාසල් නිවාඩු කාල සීමාවන් තුළ දී කිරි ගොවීන්ට කිරි  අලෙවි කර ගැනීමට නොහැකි වීම නිසා මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා  කිරි ගොවීන්ගේ කිරි අඛණ්ඩව මිල දී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත් මේ යෝජනාව ඉතා වැදගත් වේ.

     

    එමෙන්ම ගුණාත්මක බවින් යුත් දේශීය පලතුරු ප්‍රවර්ධනය කිරීමත්, පලතුරු පරිභෝජනය ගැබිනි කාන්තාවන් සහ පාසල් දූ දරුවන් අතර ප්‍රවර්ධනය කිරීමේ නව වැඩසටහනක් පිළිබඳව මෙහි දී සාකච්ඡාවට ලක් විය. ඒ අනුව ප්‍රාදේශීය සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ පාසල් ආපනශාලාවන් ආශ්‍රිතව පලතුරු අලෙවි මධ්‍යස්ථාන ප්‍රවර්ධනය කිරීමටත් ගර්භනී මව්වරුන් වෙත ද දිවි නැඟුම පලතුරු පැළ ලබා දීමටත් මෙහි දී එකඟතාව පළ විය.

    මෙම අවස්ථාව සඳහා නුවරඑළිය මහරෝහලේ වෛද්‍යවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්, අධ්‍යාපන නියෝජිතයන්, කෘෂිකර්ම නිලධාරීන් ඇතුළුව රාජ්‍ය අංශයේ නිලධාරීහු රැසක් සහභාගී වී සිටියහ.

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya