ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අපි අත දෙනවා - ජපන් අගමැති අබෙ මහතා

    සැප්තැම්බර් 09, 2014

    ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා සිය සහයෝගය සහ මිත්‍රත්වයේ අත දිගු කරන බව ජපන් අගමැති ෂින්සො අබෙ මැතිතුමා පැවසීය.

     

    අබෙ මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ පසුගිය ඉරිදා (07) සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති ශ්‍රී ලංකා-ජපන් ව්‍යාපාරික සමුළුවට සහභාගී වෙමිනි.

     

    ජපන් ව්‍යාපාරික මාධ්‍ය නියමු Nikkei ආයතනය හා සහයෝගයෙන් ශ්‍රී ලංකා – ජපාන ව්‍යාපාරික සහයෝගීතා කමිටුව විසින් මෙම ව්‍යාපාරික සමුළුව සංවිධානය කර තිබුණි.

     

    ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියේදී සෑම ක්ෂේත්‍රයකදීම සිය උපරිම දායකත්වට සපයන බවත් අවුරුදු 24කට පසු සිදු වූ මෙම ජපන් අග්‍රාමාත්‍යවරයෙකුගේ ඓතිහාසික ශ්‍රී ලංකා සංචාරය තමන්ටද අමතක නොවන අත්දැකීමක් බවත් අබෙ මැතිතුමා ප්‍රකාශ කළේය.

     

    ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසි විට තමන්ට අතිශය සතුටක් දැනුණු බවද එතුමා පැවසීය.

     

    තවදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසූයේ ශ්‍රී ලංකා-ජපන් සබඳතාව ඓතිහාසික වටිනාකමකින් යුත් මිත්‍රත්වයක් බවත් නිදසුනක් ලෙස සිය මුත්තණුවන් ජපානයේ අගමැති ව සිටි කාලයේ එනම් 1957 දී ඒ මහතා ශ්‍රී ලංකාවට පැමිණි අතර එදා මෙදාතුර දෙරට අතර සම්බන්ධතාව විශ්වාසයෙන් යුතුව දිගට ම පැවතුණ බවත්ය. එය දෙරටම ප්‍රීතියෙන් සැමරිය යුතු සබඳතාවක් බව ඔහු උද්දාමයෙන් ප්‍රකාශ කරන ලදී.

     

    වෙළඳ, ව්‍යාපාරික, යටිතල පහසුකම් සංවර්ධනය තුළින් සංවර්ධනය වෙත වේගයෙන් පිය මනින්ට හැකියාව ඇති බැවින් මෙම ව්‍යාපාරික සමුළුව ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධනයට වාසිදායක වනු ඇත.

     

    මෙම ව්‍යාපාරික සමුළුවට ජපන් ව්‍යාපාරික ආයතන 07ක නියෝජිතවරු සහභාගී වූහ.

     

    Mr. Eizo Kobayashi, chairman, Itochu Corporation
    Mr. Ken Kobayashi, President & CEO, Mitsubishi corporation
    Mr. Koji Tanaka , Chairman of the board, Mitsubishi Hitachi Power systems, ltd.
    Mr. Takashi Nakabe, president Onomichi Dockyard Co ltd.
    Mr.Eiichi Kuriwada Chairman & Preesident , SG hldings, Co. ltd
    Mr. Hidemichi Shirane president Tomo- Digi cooperation
    Mr. Hiroaki Nakanishi Representative Executive officer Chairman & CEO, Hitachi ltd.

     

    CEO, මිට්සුබිෂි සංස්ථාව 1994 දී සිය ශාඛාවක් කොළඹදී ස්ථාපනය කිරීමෙන් ශ්‍රී ලංකාව හා සම්බන්ධතාව ආරම්භ කළ බව මෙම සමුළුවේ දී CEO, මිට්සුබිෂි සංස්ථාවේ සභාපති කෙන් කොබයාෂි මහතා අනාවරණය කෙරීය. ඔහු 2002-2003 කාල සීමාවේදී කොළඹ ශාඛාවේ කළමනාකරු ලෙස සේවය කර ඇත.

     

    මෙම ආයතනය මඟින් කොළඹ ශාඛාව හරහා නව ව්‍යාපෘති 03ක්: බලශක්ති යන්ත්‍රෝපකරණ ව්‍යාපෘතිය (ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය); ගුවන් තොටුපොළ මගීන් පර්යන්ත ඉදිකිරීමේ ව්‍යාපෘතිය; ශ්‍රී ලංකා නිෂ්පාදන අපනයන ව්‍යාපෘතිය දියත් කිරීමට සැලසුම් කර ඇති බව ඒ මහතා අනාවරණය කරන ලදී.

     

    විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා, ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සරත් අමුණුගම මහතා, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ශ්‍රී ලංකා – ජපාන ව්‍යාපාරික සහයෝගීතා කමිටුවේ සභාපති දයා වෙත්තසිංහ මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya