ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    වැඩි ම අනතුරු ප්‍රමාණයක් වෙලා තියෙන්නේ බීමත්කම නිසයි

    සැප්තැම්බර් 09, 2014
    අපේ පළාතේ මාර්ග පද්ධතිය මීට වර්ෂ 5කට පමණ කලින් තිබුණට වඩා දියුණුයි. මාර්ග ධාවන වේග සීමා දැන්වීම් පුවරු සවි කරලා ප්‍රදේශයේ ජනතාව ඇතුළු පළාතේ සියලු ම පොලිසි දැනුවත් කිරීමට කටයුතු කරන බව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසූයේ පසුගියදා වයඹ පළාත් සභා ලිච්ඡවි ශාලාවේ පැවති මාර්ග සංඥා පුවරු සවිකිරීම හා මාර්ග ආරක්ෂණ වැඩසටහනේ ඉදිරි සැලසුම් සඳහා වූ විශේෂ සාකච්ඡාවට සහභාගී වෙමිනි.

     
    එහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, හැමෝගෙම බලාපොරොත්තුව වලවල්වල නොවැටී ඉතා ඉක්මනින් තමන්ගේ ගමනාන්තය දක්වා යන්න. මේ වෙන කොට අපේ පළාතේ A, B මාර්ග විශාල ප්‍රමාණයක් හදලා ඉවරයි. තව ටිකයි හදලා අවසන් කරන්න තියෙන්නේ. මාර්ග සම්බන්ධව ක්‍රියාකාරී සැලැස්මක් (Action Plan) එහෙමත් නැත්නම් මාර්ග ආරක්ෂණ සැලැස්මක් (Road Safety plan) හදලා හොඳ මාර්ග ආරක්ෂණ වැඩසටහනක් වයඹ පළාතේ ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා.” එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, බස් රථයේ සිට ත්‍රී රෝද රථය, යතුරු පැදිය දක්වා වේග සීමාව 32යි කියලා කීවට යන්නේ 80ට 100ට.
     
    පොලිසිය නවත්වලා ඇහුවට නඩු පවරන්න බැහැ. මොකද වේග සීමා දාලා නැති නිසා කෝ වේග සීමා කියලා අහනවා. නමුත් දැන් අපි මාර්ග ධාවන වේග සීමා  සකස් කරලා ඉවර නිසා ඉක්මනින්ම ඒවා සවිකරන්න අවශ්‍ය කටයුතු කරනවා. සවස 6 ඉඳන් 8 දක්වා තමයි වැඩි ම අනතුරු ප්‍රමාණයක් වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි බීමත්කම. පහුගිය වර්ෂවල සංඛ්‍යා ලේඛන බැලුවාම අපිට හොඳින් ඒ බව පැහැදිලි වෙනවා. අපි මේවා අවම කර ගැනීමට කටයුතු කරමු. මම ඕස්ට්‍රේලියා සංචාරයකට ගිය වෙලාවේ මේ ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තා. විශේෂයෙන් ම "Pedestrian Crossing" එහෙමත් නැත්නම් මගීන් පාර මාරු වන කහ ඉර (Crossing) සමඟ උඩට ලොකු කණු දෙකක් කහ පාටින් කළු පාටින් සකස් කරලා තියනවා. රියැදුරන්ට ඒක ගොඩක් ඈතට පේනවා. ඒ වගේ ක්‍රම අපිට අපේ රටෙත් පාවිච්චි කරන්න පුළුවන්. වයඹ පළාතෙන් පිට අය නිසා ගොඩක් වෙලාවට සිද්ධ වෙලා තියන අනතුරු ප්‍රමාණය වැඩියි. අනුරාධපුර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය වගේ දුර ඉඳන් කොළඹට යන එන බස් රථවල තමයි මේ තත්ත්වය හොඳට ම වැඩි. කොන්දොස්තර කෙනෙක් ඉන්නවා දොරේ වෙනම ම. එයාට ඕන විදියට තමයි රියදුරා වාහන එලවන්නේ. අනික් වාහන අස්සට ඔබනවා. අන්තිමට පාරේ ට්‍රැෆික් වැඩිවෙලා අනතුරු ප්‍රමාණයත් ඉහළ යනවා. හැම බස් රථයක ම හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් හදාගන මේ තත්ත්වයන් අවම කරන්න කටයුතු අපි සකස් කරන්න ඕනෑ. අපේ ආරක්ෂක ලේකම්වරයාගේ පූර්ණ සහයෝගය ඇති ව අපි කුරුණෑගල නගරය, දියුණු නගරයක් (Modern Town) විදියට හොඳ විනයක් පාලනයක් ඇතිව සකස් කරන්න කටයුතු කරමු. අපේ පළාතේ මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, පොලිසිය, පළාත් පාලන දෙපාර්තමේන්තුව, පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ගමනාගමන කොමිෂන් සභාව, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, ලංකා ගමනාගමන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය නියෝජනය කරමින් විශාල පිරිසක් අද මෙතන ඉන්නවා. අපි හැමෝම එකතුවෙලා ඉදිරි සැලසුම් කතා කරගෙන මාර්ග ආරක්ෂණය (Road Safety) පිළිබඳව වයඹ පළාතෙන් හොඳ වැඩසටහනක් ආරම්භ කරමු. විශේෂයෙන් කුරුණෑගල නගරයේ අතුරු මාර්ග සංවර්ධනය කරලා වාහන තදබදය අඩු කරන්න අවශ්‍ය කටයුතු කරමු. සිසු සැරිය බස් රථ, ත්‍රී රෝද රථ සංගම්, පාසල් බස් රථ සංගම්, දැනුවත් කරමු. 
     

     පදික වේදිකාවල් අවහිර කරන්න නො දී තල්ලු කරන් යන්න පුළුවන් ජංගම රථ හඳුන්වලා දෙන්න අපි කටයුතු කරනවා. පළාත් පාලන දෙපාර්තමේන්තුවත් ප්‍රාදේශීය සභා සහ පොලිසිය එකතුවෙලා ඒ සම්බන්ධ කටයුතු ටික කරන්න මම උපදෙස් ලබා දෙනවා. කන්ටේනර් දහවල් කාලයේ ධාවනය නොකර රාත්‍රියට පමණක් ධාවනය කරන්න අවශ්‍ය කටයුතු ටික අපි ලෑස්ති කරමු. 

     විශේෂයෙන් බස් රථවල රියදුරු මහතුන් ව දැනුවත් කරන්න අවශ්‍යයි. වසරකට වරක් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සහතිකයක් නැත්නම් "Medical Certificate" එකක් ලබා දෙන්න, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත් එක්ක ජංගම සායන පවත්වන්න පුළුවන්. ආතතියෙන් (Stress) තොරව මානසික නිදහසේ පාරේ යන්නත් මාර්ග අනතුරු අවම කරගන්නත් පුළුවන් හොඳ වැඩසටහනක් අපි වයඹ පළාතෙන් අරඹමු.” 
     මෙමඅවස්ථාවට වයඹ පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ගුණදාස දෙහිගම, වයඹ පළාත් ප්‍රධාන ලේකම් ජයන්ත විජේරත්න, පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යංශ ලේකම් ඒ.ඩී. අමරසිරි, වයඹ පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු ඇතුළු පළාතේ සෙසු රාජ්‍ය ආයතනයන්හි නිලධාරීහු විශාල පිරිසක් සහභාගී වූහ. 
     
    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya