ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    “සර්ව සාධාරණ මැතිවරණයකින් සන්ධානය ඌව පළාත් සභාව විශිෂ්ට ලෙස ජයගන්නවා.”

    සැප්තැම්බර් 09, 2014

    මැතිවරණ නීති උල්ලංඝනය කරමින් එක්සත් ජාතික පක්ෂය අතීතයේ මැතිවරණ ජයගත් ආකාරයට නො ව, සර්ව සාධාරණ මැතිවරණයක් පවත්වා මෙවර ඌව පළාත් සභා ඡන්දයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගන්නා බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.


    එමෙන් ම නිර්ධන පන්තියේ අනාගතය ගැන සුරංගනා කතා කියමින් ජනතා විමුක්ති පෙරමුණ බිහිවූ දා සිට ජනතාව මුලා කළ බව ද අමාත්‍යවරයා පැවසීය. මෙවර පැවැත්වෙන ඌව පළාත් සභා මැතිවරණයේ දී බදුල්ල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජය තහවුරු කිරීම සඳහා කන්දකැටිය, තලාකුඹුර ප්‍රදේශයේ පැවති ජනහමුවක දී අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා මේ අදහස් පළ කළේය. 

     

    අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, “ මීට දශක කීපයකට පෙර ජනතාවට සිහිනයක් වූ සංවර්ධනය අද සැබෑවක් වී තිබෙනවා. එදා පාපැදියක පවා යන්න නොහැකි ග්‍රාමීය මාර්ග අද කාපට් කර නගරයේ පහසුකම් ගමටත් ලබාදෙන බවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ජනතාවට දුන් පොරොන්දු ඉටුකර තිබෙනවා. දශක තුනක යුද්ධයෙන් මෙන්ම ප්‍රමාණවත් පහසුකම් නොමැතිකමින් එදා වැඩියෙන්ම පීඩාවට පත් වූණේ මේ රටේ අහිංසක දරුවන් සහ කාන්තා පරපුරයි.

     

    නමුත් යුද්ධය නිමකර රට පුරා සංවර්ධනයේ ප්‍රතිලාභ බෙදාදෙන විටවැඩියෙන්ම සතුටට පත්වන්නේත් දරුවන් හා කාන්තාවනුයි. ළමා හා කාන්තා සංවර්ධනයට ඉතිහාසයේ කවරදාක‍ටවත් වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ලබාදුන‍්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි.” ජනතා ආශිර්වාදයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ තමන් ඇතුළු රජයට එක් වූ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා අද, මේ රටේ වාසනාවට බිහිවූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ රජයට සහය ලබාදීමෙන් විශාල පිනක් අත්කර ගෙන ඇති බවත්, ඌව පළාත තුළ රටට ආදරය කරන බහුතරයක් සිටින නිසා මෙවර පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙතෙක් ඌවෙන් ලැබූ විශිෂ්ට ම ජයග්‍රහණය ලබාගන්නා  බවත් මෙහි දී අදහස් දැක්වූ සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න මහතා පැවසීය. මේ අවස්ථාවට කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති උපුල් සරත් කුමාර මහතා ඇතුළු තලාකුඹුර ප්‍රදේශයේ ජනතාව පැමිණ සිටියහ. 

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya