ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    උතුරු මැද නියඟයෙන් විපතට පත්වූවන්ට නොමිලේ අර්තාපල් ටොන් 250ක්

    සැප්තැම්බර් 09, 2014

    අනුරාධපුරය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයන් හි නියඟයට පත්වූවන්ට නොමිලේ අර්තාපල් බෙදා දීමේ වැඩසටහන අඛණ්ඩව අද (09) දිනටත් ක්‍රියාත්මක වේ. 


    පසුගිය 05 වැනිදා සිට මෙම සහන වැඩසටහන ක්‍රියාත්මක වේ. මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 08කට සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 04කට අර්තාපල් බෙදාහැරීම සිදු කොට හමාරය. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කය වෙත මෙට්රික් ටොන් 150ක් සහ පොලොන්නරුව දිස්ත්‍රික්කය වෙත මෙට්රික් ටොන් 100ක අර්තාපල් බෙදා හැරීම සිදු කොට ඇත.

     

    ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ මෙහෙයවීම යටතේ සිදු කෙරේ. ඒ අනුව රජයෙන් නියම කළ මිල ගණන් යටතේ රුපියල් 80කට අර්තාපල් මිල දී ගැනීම සිදු කෙරේ. 

    පසුගිය කාල සීමාව තුළ වැලිමඩ ප්‍රදේශය තුළ අර්තාපල් අස්වැන්න ඉතා ඉහළ මට්ටමක පැවතිය ද එක් කිලෝවක් විකුණා ගැනීම රුපියල් 40 දක්වා පහත වැටීම නිසා ගොවීන් බලවත් අපහසුතාවට පත් ව සිටියහ. නමුත් රජය විසින් රුපියල් 80ක පාලන මිලක් යටතේ මෙම අර්තාපල් මිලදී ගැනීම අඛණ්ඩව සිදු කළ අතර කැප්පෙටිපොළ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ අර්තාපල් අතිරික්තයක් දක්වා වර්ධනය විය. මීට විසඳුමක් වශයෙන්  නියඟයෙන් පීඩාවට පත්වූවන්ට අර්තාපල් බෙදා දීමේ වැඩසටහන ක්‍රියාත්මක වූ අතර අද දිනටත් අර්තාපල් මෙට්රික් ටොන් 100කට ආසන්න ප්‍රමාණයක්  අනුරාධපුර දිස්ත්‍රික්කය වෙත බෙදා දීමට නියමිතය.

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya