ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සිංහල දෙමළ නුවරඑළිය දිස්ත්‍රික් සාහිත්‍ය මහෝත්සවය

    සැප්තැම්බර් 09, 2014

    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් මෙහෙයවන ලද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද 2014 සිංහල දෙමළ දිස්ත්‍රික් සාහිත්‍ය මහෝත්සවය පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


    දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාහිත්‍ය මහෝත්සවයෙහි ආරාධිත දේශනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා විසින් සිදු කරන ලදී. මෙහි දමිළ දේශනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය එම්. ජයසීලන් මහතා විසින් සිදු කරන ලදී. 


    මේ අවස්ථාව සඳහා පාසල් දුවා දරුවන් 150කට ආසන්න පිරිසක් සහභාගී වී සිටියහ. සිංහල දෙමළ සංස්කෘතිකාංග රැසකින් සමන්විත වූ මෙම සාහිත්‍ය මහෝත්සවය අවසානයේ ජයග්‍රාහිකයන් 62 දෙදෙනෙකු වෙත සහතිකපත් බෙදා දීම සිදු වූ අතර සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මෙම තරග පැවැත්වීම සිදු කෙරිණි.


    මෙම අවස්ථාව සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, දෙමව්පියන් ඇතුළුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීහු බොහෝ පිරිසක් සහභාගී වී සිටියහ.

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya