ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    2014 ජාතික ගොවි සතිය හා කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය අද විවෘත වෙයි

    සැප්තැම්බර් 09, 2014

    මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ ශ‍්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කරා ගමන් කරන මෙම අවස්ථාවේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ දායකත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශය 2014 ජාතික ගොවි සතිය හා කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය අද (09) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් තෙලිජ්ජවිල කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ හා දිස්ත‍්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ දී විවෘත කෙරිණි.


    ලබන 14 දින දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති මේ ප්‍රදර්ශනය සංවිධානය කර ඇත්තේ කෘෂිකර්මය පාදක කර ගත් වැඩසටහන් දිවයින පුරා සාර්ථකව ව්‍යාප්ත කිරීමේ අරමුණෙනි. දේශීය කෘෂි ව්‍යවසායකයන් කෘෂිකර්මයට නැඹුරු කරලීමේ අරමුණින් මෙම දැවැන්ත කාර්යය සංවිධානය කර තිබේ. තාක්ෂණික දැනුම ගොවිජනතාව අතර ප‍්‍රචලිත කිරීමටත් ගොවි ජනතාව හා කෘෂි විශේෂඥයන් අතර කතිකාවක් ඇතිකර කෘෂි ක්ෂේත‍්‍රයේ නව මංපෙත් විවිර කර පෙර නො වූ සංවර්ධනයක් කෘෂි ක්ෂේත‍්‍රය තුළ ඇති කිරීමත් මෙහි මූලික අභිප‍්‍රාය වේ.

     

    අක්කර 4 ක භූමි භාගයක් පුරා විවෘත වූ කෘෂි යාන්ත‍්‍රීකරණ ප‍්‍රදර්ශන, කෘෂි අලෙවිකුටි, කෘෂි අධ්‍යාපනික සම්මන්ත‍්‍රණ, කෘෂි බීජ අලෙවිසැල්, කෘෂි පර්යේෂණ තොරතුරු, දේශීය ආහාර ප‍්‍රවර්ධන වැඩසටහන්, වගා ක‍්‍රම කෘෂිකර්ම ප‍්‍රදර්ශන සංකීර්ණයේ දී දැකබලා ගත හැකිය. එහිදී දේශීය ගොවිජනතාවට අවශ්‍ය දැනුම, තාක්ෂණික ඥානය ලබාගැනීමේ හැකියාව උදාකර දී ඇත.

     

    නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍ය වයි.ජී. පද්මසිරි, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල, දකුණු පළාත් සභා මන්ත‍්‍රී සරත් යාපා අබේවර්ධන යන මහත්වරු ඇතුළු කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීහු රැසක් මීට සහභාගී වූහ. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya