ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අල කිලෝ ලක්‍ෂ 4ක් ජනපති නියමයෙන් උතුරු මැද නියඟයෙන් පීඩාවට පත් ජනතාවට

    සැප්තැම්බර් 10, 2014

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ නියමය පරිදි උතුරු මැද පළාතේ නියඟයෙන් පීඩාවට පත් වී සිටින ජනතාවට අල කිලෝ ලක්‍ෂ හතරක් (04) වහා ම නොමිලේ බෙදා දීමට පියවර ගැනේ.

     

    අමාත්‍ය එස්.එම්. චන්‍ද්‍රසේන මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගෙන් කළ ඉල්ලීමක ප‍්‍රතිඵලයක් වශයෙන් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත ආර්ථික සංවර්ධන අමාත්‍යාශයේ මැදිහත්වීමෙන් මේ වැඩසටහන ක‍්‍රියාවට නංවයි. මේ යටතේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයට අල කිලෝ ලක්‍ෂ දෙක හමාරක් (2 ,1/2) සහ පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට අල කිලෝ ලක්‍ෂ එක හමාරක් ( 1,1/2) වශයෙන් ප‍්‍රදානය කරයි.
     

    අල ගොවීන්ගේ නිෂ්පාදනයට ඉහළ මිලක් ලබා දීම සඳහා රජය මගින් කිලෝ එකක් රුපියල් අසූවක (80) ඉහළ මිලකට මිලදී ගෙන මේ ආකාරයෙන් අසහනයට පත් ගොවීන් සඳහා බෙදා දෙනු ලබයි. මෙමගින් ගොවියා මෙන්ම අසහනයට පත් වූ ජනතාවට ද විශාල සහනයක් හිමිවන බව චන්ද්‍රසේන අමාත්‍යවරයා සඳහන් කරයි.
     

    නියඟයෙන් පීඩා විඳි ජනතාවට අල බෙදා දීම ආරම්භ කෙරුණේ ඔයාමඩුව, විලච්චිය, මැදවච්චිය, පදවිය, කැබිතිගොල්ලෑව, කහටගස්දිගිලිය, හොරොව්පොතාන, ගලෙන්බිඳුණුවැව, රඹෑව යන ප‍්‍රදේශෙවල දී විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

     
    මේ අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.බී. ඒකනායක, පළාත් සභා මන්ත‍්‍රීනී කල්‍යාණී කරල්ලියද්ද යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද එක්වූහ.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya