ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ක්‍රීඩා නිලධාරීන්ට පුහුණු වැඩමුළුවක් කෑගල්ලේ දී

    සැප්තැම්බර් 10, 2014
    කෑගල්ල දිස්ත්‍රික්කයේ ක්‍රීඩා පුහුණුකරුවන් සහ ක්‍රීඩා නිලධාරීන් දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුවක් මේ මස 11 සහ 12 යන දිනවලදී කෑගල්ල රතු කුරුස පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

    ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ක්‍රීඩා අංශය මගින් මෙම වැඩමුළුව සංවිධානය කෙරේ.

    මෙහිදී ක්‍රීඩා පෝෂණය, ආකල්ප වර්ධනය, ක්‍රීඩාව සඳහා මතක ශක්තිය දායක කර ගැනීම, පුහුණු වැඩසටහන් සම්පාදනය, පුහුණු ක්‍රම, තහනම් ක්‍රීඩා උත්තේජක, දිග දුර ව්‍යායාම සහ ක්‍රීඩාව සඳහා මාංශපේෂී සකස් කර ගැනීම, ක්‍රීඩා පිටි සකස් කර ගැනීම යන මාතෘකා ඔස්සේ දේශන පැවැත්වේ.

    මේ සඳහා වෛද්‍යවරු, ක්‍රීඩා පුහුණුකරුවන්, ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් සහභාගී වීමට නියමිත වේ.

    මෙම අවස්ථාවට ප්‍රධාන ආරධිතයා ලෙස කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා සහභාගී වන අතර, පුහුණුව සඳහා 100දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සහභාගී වීමට නියමිත බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෑගල්ල දිස්ත්‍රික් ක්‍රීඩා සම්බන්ධීකාරක කේ.එම්.එච්. බණ්ඩාර මහතා පවසයි.
     

    ECB/LT_dmu_Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya