ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ආබාධ සහිත පුද්ගලයින් සමාජ සජීවීකරණ ක්‍රියාවලියට

    සැප්තැම්බර් 17, 2014

    ආබාධ සහිත පුද්ගලයින් සමාජ සජීවීකරණ ක්‍රියාවලියට දායක කර ගැනීම සඳහා ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා කුරුණෑගල කැන්ඩියන් රීච් හෝටලයේදී පැවැත්විණ.


    කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය හා ෆීඩ්ස්රෝ ආයතනය ඒකාබද්ධව සංවිධානය කරන ලද මෙම වැඩමුළුවේදී අධ්‍යාපන, සෞඛ්‍ය, ආරක්ෂක අංශ සහ පරිපාලන සේවා ආදී එම පුද්ගල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බැඳී සිටින පුද්ගලයන් සේවා සැපයිය යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීම් සිදු කළේය.


    ලක්ෂ 16ක් වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව අතරින් 12,000ක් පමණ ආබාධිත පුද්ගලයින් බවත් මෙම පුද්ගලයින් සමාජයෙන් ඈත් නොකර දුක සැප බෙදාහදා ගෙන ජීවත් විය යුතු බවත්, සමාජයේ සෙසු පුද්ගලයින්ට හිමිවිය යුතු සෑම අයිතිවාසිකමක් ම මෙම පුද්ගලයින්ට ද හිමි විය යුතු බවත්, එය මානුෂික මෙන් ම නීතිමය බැඳීමක් ද බවත්, මෙම වැඩමුළුවට සහභාගී වූ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා පැවසීය.

    ඉබ්බාගමුව ප්‍රදේශයේ ආබාධිත රණ විරුවන් සඳහා පිහිටවා ඇති අභිමංසලේ ජීවත් වන රණ විරුවන් සඳහා කෙටිකතා සහ නව කතා පටිගත කළ උපකරණ ෆිඩ්ස්රෝ ආයතනයෙන් ලබා දුන් බවත් එය ඉතා වැදගත් කටයුත්තක් බවත් දිස්ත්‍රික් ලේකම්වරයා තවදුරටත් පෙන්වා දුන්නේය.

    මෙම අවස්ථාවට සමාජ සේවා අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල, කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම් එච්.එම්. තිලක බණ්ඩාර, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.පී.එන්. තිලකරත්න, ප්‍රාදේශීය ලේකම්වරු, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු, වෛද්‍යවරු, ආරක්ෂක අංශ නිලධාරීන්, ෆිඩ්ස්රෝ ආයතනයේ විධායක අධ්‍යක්ෂ ගිහාන් ගලේකොටුව යන මහත්වරු සහභාගී වූහ.



    ECB/AK_dmu_Kurunegala

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya