ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කොළ හැලීමේ රෝගයෙන් මහනුවර සාදික්කා වගාවටත් බලපෑම්

    සැප්තැම්බර් 17, 2014

    සාදික්කා වගාවට වැළඳෙන කොළ හැලීමේ රෝගයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ සාදික්කා වගාවටත් සුළු බලපෑමක් ඇති වී තිබෙන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ එස්.බී.යූ.එස්.කේ. රණවීර මහතා පවසයි. 


    තම සාදික්කා වගාවන් තුළ කොළ හැලීමේ රෝග ලක්ෂණ තිබේ නම් වහා ම මහනුවර අපනයන කෘෂිකර්ම කාර්යාලයට දැනුම් දී අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස සහකාර අධ්‍යක්ෂවරයා ඊයේ (16) පැවති මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී පැවසීය.

    කොළ හැලීමේ රෝගය වැළඳුණු සාදික්කා වගාවන් වෙතොත් එම ගස්වල දළු හට ගන්නා කාලයේදී ම ළපටි දළු, ගස් අවට අකා‍ලයේ වැටී තිබිය හැකි බව පෙන්වා දුන් සහකාර අධ්‍යක්ෂවරයා පත්‍ර මත කුඩා කළු සහ දුඹුරු වර්ණ ලප දැකගත හැකි බව ද පැවසීය. එමෙන්ම සාදික්කා ගසේ අතු අග ඉදල් බේරී තිබීම ද කොළ හැලීමේ රෝගයේ ප්‍රධානත ම ලක්ෂණයකි.

    මෙම රෝග ලක්ෂණ හෝ වෙනත් අසාමාන්‍ය රෝග ලක්ෂණ තම සාදික්කා වගාව තුළත් තිබේ නම් ඉතා ඉක්මනින් ඒ බව දැනුම් දී රෝගය මර්දනය කිරීමට අවශ්‍ය උපදෙස් තම කාර්යාලයෙන් ලබා ගත හැකි බව රණවීර මහතා ප්‍රකාශ කළේය. රෝගය වැළදී ඇති වගාවන් වෙතොත් ඊට අවශ්‍ය දිලීර නාශක සහ ඉසින යන්ත්‍ර ආදිය ද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් වගාකරුවන් වෙත ලබා දීමට කටයුතු යොදා තිබේ.


    මෙම රෝගය ගැන උපදෙස් අවශ්‍ය වගාකරුවන් සිටින්නේ නම් මහනුවර, පේරාදෙණියේ පිහිටි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාර්යාලයෙන් හෝ 081-2388392 යන දුරකතන අංකය ඔස්සේ ඒ ගැන විමසිය හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.

    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya