ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    වයඹ පළාතේ පළාත් පාලන ආයතනවලින් මිලියන 400ක බදු මුදල් එකතු කරන්න තියනවා

    සැප්තැම්බර් 23, 2014

    වයඹ පළාතේ ප්‍රාදේශීය සභා සහ නගර සභාවලින් මිලියන 400ක බදු  මුදලක් එකතු කිරීමට තිබෙන බවත්, මුලින් ම ප්‍රධාන නගර සභා, මහ නගර සභාවල ප්‍රමාද වීම් සොයා බලා ඒ කාර්යභාරයට අත ගැසීමට සිදු වන බවත් වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය. 


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (23) වයඹ පළාත් සභාවේ පැවති වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ආදායම් පරීක්ෂක III ශ්‍රේණියේ පත්වීම් 36ක් ලබාදීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ, “අද පළාත් රාජ්‍ය සේවයේ 40,000 අධික පිරිවරකට ඔබ එකතු වෙනවා. උසස් පෙළ සමත් වෙලා ඉන් ඉහළට ඉගෙනගත් අය මෙතන ඉන්නවා. ඔබ අද ආදායම් පරීක්ෂකවරයෙක් විදියට පත්වීම් ලබනවා. රජ කාලයේ මේ තනතුර තිබුණේ බදු එකතුකරන්නන් විදියට. මේ කාර්යභාරය කාර්යාලයේ ඇතුළත පිටත වගේ ම උසාවිය ළඟ තුන් ආකාරයකින් කටයුතු කරන්න සිද්ධ වෙනවා.

     

    අද වයඹ පළාතේ ප්‍රාදේශීය සභාවල, නගර සභාවල  මිලියන 400ක බදු  මුදලක් තියනවා එකතු කරන්න. ඔබට මුලින් ම ප්‍රධාන නගර සභා, මහ නගර සභාවල ප්‍රමාද වීම් බලලා  ඒ කාර්යභාරයට අත ගහන්න වෙයි. මේ මුදල් යොදා ගන්නේ රටේ සංවර්ධනයට.  රාජ්‍ය සේවයට ඇවිල්ලා ඉතාමත් දරදඬු විදියට සේවය කරනවා වගේ ම සහනශීලී විදියටත් ක්‍රියා කරන්න සිද්ධ වෙනවා. ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව කාර්යක්ෂම නිලධාරීන් යොදා ගන්න. 2001 සහ 2004 දී ලක්ෂ 10ක්ව තිබුණු රාජ්‍ය සේවය ලක්ෂ 6 දක්වා අඩු වුණා. අද එය ලක්ෂ 14 දක්වා වැඩිවෙලා තියනවා. 


    අද සියලු ම පහසුකම් ඔබලාට ලබා දීලා තියනවා. යතුරු පැදි  ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. ඉතිහාසයේ බස් එකේ සහ පයින් ගිහින් තමයි ඔබගේ කාර්යභාරය ඉෂ්ට කරන්න වුණේ. ඊට වෙනස් වැඩපිළිවෙළක් තමයි අද තියෙන්නේ. එකමුතුකම, කාර්යක්‍ෂම භාවය සමඟ පළාත් රාජ්‍ය සේවය හරියට ඉටු කරන්න. මෙතන විතරක් නෙමෙයි ඒ ඒ ක්‍ෂේත්‍රවල දක්ෂතා දක්වලා ඉදිරියට යන්න. තමුන්නාන්සේලා  තැන පිළිබඳ ව හිතන්නේ නැති ව නිර්මාණශීලිව වැඩ කරන්න.”  


    මෙම අවස්ථාවට පළාත් සභා මන්ත්‍රී කමල් හේරත්, වයඹ පළාත් ප්‍රධාන ලේකම් ජයන්ත විජේරත්න, වයඹ ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් පී.බී.එම්. සිරිසේන, වයඹ පළාත් පාලන කොමසාරිස් බුවනෙක හේරත් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya