ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අල්ලස් හෝ දූෂණයෙන් තොර සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් - වැඩමුළුව නුවරඑළියේ දී

    සැප්තැම්බර් 23, 2014

    අල්ලස් හෝ දූෂණයෙන් තොර සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් යන මැයෙන් සංවිධානය කෙරුණු විශේෂ වැඩමුළුවක් අද (23) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.


    නුවරඑළිය දිස්ත්‍රික් ඉඩම් හා රෙජිස්ට්‍රාර් කාර්යාලය මෙම වැඩමුළුව සංවිධානය කොට තිබුණු අතර නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි. 

     

    අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ගංගා හෙයියන්තුඩුව සහ පී. රුවිනි වික්‍රමසිංහ යන මහත්මීන් විසින් මෙම වැඩසටහනෙහි ප්‍රධාන දේශන පවත්වන ලදී. 


    මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දුන්නේ, රාජ්‍ය සේවයේ පවතින විනිවිදභාවය සහ යහ පාලනය යහපත් මහජන සේවයක් ලබා දීම සඳහා උපකාරී වන බවත් එය මහින්ද චින්තන ඉදිරි දැක්ම තුළ ප්‍රමුඛ තේමාවක් වන බවයි. එමෙන් ම අල්ලස් හා දූෂණයෙන් තොර රාජ්‍ය සේවාව තුළින් තෘප්තිමත් පෞද්ගලික ජීවිතයක් සහ විශ්‍රාමික ජීවිතයක් නිතැතින් ම හිමිවන බවත් එය අන් අයගේ ඉමහත් ගෞරවාදරයට ලක්වන බවත් ඔහු කීය.

     

    මීට වසර කිහිපයකට පෙර පුවත්පත්හි දක්නට ලැබුණේ යුද්ධය හා සමගාමී ව පළ වූ ප්‍රවෘත්තීන් බවත් ඒ වෙනුවට අද දවසේ දක්නට ලැබෙන්නේ දූෂණ හා වංචා පිළිබඳවත් එය දැඩි පසුගාමී තත්ත්වයක් බවත් දිස්ත්‍රික් ලේකම්තුමා මෙහි දී පෙන්වා දුන්නේය.

     

    අල්ලස් හා දූෂණ කොමිෂම් සභා පනත පළමුවර 1994 වසරේ පොදුජන එක්සත් පෙරමුණ රජයේ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් පාර්ලිමේන්තු පනතක් ලෙස සම්මත කරගන්නට යෙදුණි.  එසේ ස්ථාපිත මෙම ආයතනය කිසිදු අමාත්‍යාංශයකට හෝ දෙපාර්තමේන්තුවකට අයත් නොවන අතර එය අතිගරු ජනාධිපතිතුමා වෙත පමණක් වගකියනු ලබයි. කොමසාරිස්වරුන් තිදෙනෙක්, නීති නිලධාරීන් සහ විමර්ශන නිලධාරීන්ගෙන් මෙම කොමිසම් සභාව සැදුම්ලත් ය. ජනාධිපතිතුමා හැර මහජන මුදලින් නඩත්තු වන රජය වෙනුවෙන් සේවයේ යෙදෙන සියලුම නිලධාරීන් මෙම පනතට අනුව විමර්ශනය කිරීමට ඉඩ කඩ හිමි වේ. මෙම අල්ලස් පනත අනුව රාජ්‍ය නිලධාරීන් ප්‍රමුඛ ව නීතිය ක්‍රියාත්මක කෙරේ. නිල රාජකාරියක් ඉටු කර ගැනීමෙහි දී මෙම අල්ලස් ලබා ගැනීමට අවස්ථාව රාජ්‍ය නිලධාරීන්ට හිමි වන අතර මහජනතාව ද ස්වකීය අවශ්‍යතාව කඩිනමින් සිදු කර ගැනීමට මෙසේ අල්ලස් ලබා දීමට පෙළඹී සිටී. මුදල්, මුදල් නොවන වස්තූන්, තනතුරු, වරප්‍රසාද, ලිංගික අල්ලස් හා සේවාවන් ලෙස අල්ලස් ලෙස ලබා ගැනීමට සහ ලබා දීමට පෙළඹී සිටී.

    මෙම අල්ලස් ලබා ගැනීමට එරෙහි ව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සහ මහාධිකරණයේ පමණක් නඩු විභාග කිරීම සිදු වන අතර අල්ලසේ තක්සේරුව අනුව දණ්ඩයට ලක් කිරීම සිදු වේ. රාජ්‍ය සේවකයන්ට, අධිකරණ නිලධාරීන්ට, බන්ධනාගාර නිලධාරීන්ට, සුරාබදු නිලධාරීන්ට සහ පොලිස් නිලධාරීන්ට ඒ ඒ වගන්ති ප්‍රකාරව නීතිය ක්‍රියාත්මක කිරීම සිදු වේ. ඒ අනුව වසර 07කට නොවැඩි සිර දඬුවම් හා දඩ මුදල් අයකිරීමට අමතර ව, ප්‍රජා අයිතිය අහෝසි කිරීම, රැකියාව සහ විශ්‍රාම වැටුප අහෝසි කිරීම ආදී දණ්ඩනයන්ට ලක් කිරීම ද සිදු වේ. එය චූදිතයන්ගේ දූ දරුවන්ටද දැඩි අපහසුතාවට පත්වන කාරණයක් වනු නොඅනුමාන බව ද ඔහු කීය.

     

     

    මෙම වැඩමුළුව සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය අංශයේ සේවයේ නියුතු නිලධාරීහු රැසක් සහභාගී වී සිටියහ.

     

    NDH/SH-dmu nuwaraeliya 

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya