ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සඳහිරු සෑයේ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම නොවැ: 23

    සැප්තැම්බර් 23, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් සංවිධානය කරනු ලබන අනුරාධපුර සඳහිරු සෑ රඳුන්ට ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමේ පු‍ණ්‍යෝත්සවය නොවැම්බර් 23 දින සිදු කිරීමට නියමිතය. 


    මේ පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (22) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 

     

    අතිගරු ජනපතිතුමාගේ ජන්ම දිනය මෙන්ම රට දැය වෙනුවෙන් දිවි පිදූ රණ විරුවන් සිහිපත් කොට පැවැත්වෙන මෙම පුණ්‍ය උත්සවය සඳහා දිවයිනේ නන් දෙසින් භික්ෂූන් වහන්සේලා 5000 නමකගේ සහභාගීත්වය සිදු වනු ඇත. මෙහිදී සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම ජනපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය. මෙම අවස්ථාව සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේලා 100ක් නමක් සහභාගී වීමට නියමිත අතර උන්වහන්සේලා සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම්, දානමානාදිය, සනීපාරක්ෂක පහසුකම් සහ ආරක්ෂාව පිළිබඳව ද මෙහි දී විශේෂ සාකච්ඡාවට ලක් විය.


    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය ලේකම්වරුන් සහභාගී වී සිටි අතර මෙම වැඩසටහන පිළිබඳව ග්‍රාමීය මට්ටමින් දැනුවත් කිරීම සහ පාසල් දුවා දරුවන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව දිස්ත්‍රික් ලේකම්තුමා පෙන්වා දුන්නේය. එමෙන් ම ග්‍රාමීය මට්ටමින්, රාජ්‍ය ආයතන මට්ටමින් සහ වෙළෙඳ ප්‍රජාව ද මෙම අවස්ථාව සැමරීම සඳහා ඒකරාශි කරගත යුතු බවට උපදෙස් ලැබුණි. විශේෂයෙන් ම මිය ගිය සහ ආබාධයන්ට ලක් වූ රණ විරු පවුල්වල සාමාජිකයන් ද මේ අවස්ථාව සඳහා සක්‍රීය ව සම්බන්ධ කරගත යුතු බවට දිස්ත්‍රික් ලේකම්තුමා විසින් යෝජනා කරන ලදී. 

    මේ අවස්ථාව සඳහා නුවරඑළිය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සංඝරත්නය සහභාගී වී සිටි අතර නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇතුළු පොලිස් නිලධාරීහු කිහිප දෙනෙක් ද සහභාගී වී සිටියහ.

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya