ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පුවක්පිටිය වැවෙහි රොන්මඩ ඉවත් කර නවීකරණය කිරීම ඇරඹේ

    සැප්තැම්බර් 25, 2014

    උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතාගේ සංකල්පයක් අනුව "රජරට වැව් බැඳ රන් අස්වනු නෙළමු" සංකල්පය යටතේ පුවක්පිටිය වැව නවීකරණය කිරීම සඳහා පළාත් වාරිමාර්ග අමාත්‍යාංශය විසින් මූල්‍ය ප‍්‍රතිපාදන වෙන් කොට තිබේ. මේ සඳහා වැය කරනු ලබන මුදල රුපියල් විසි හය ලක්‍ෂයකි.


    උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය  එස්.එම්. රංජිත් සමරකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා පුවක්පිටිය වැව ගැඹුරු කිරීම හා නවීකරණය කිරීමේ කටයුතු  ආරම්භ කළ අතර එහිදි අදහස් දැක්වූ ප‍්‍රධාන අමාත්‍යවරයා, අපේ රජ දරුවන් විසින් උතුරු මැද පළාතේ වසර දහස් ගණනකට පෙර ඉදිකර ඇති වැව් මේ වන විට විවිධ හේතු මත ගොඩ වී කැඩී බිඳී ගොස් අබලන් වී පවතින බව පැවසීය.

     

    මෙම වැව් ගැඹුරු කර නවීකරණය කොට යල මහ දෙකන්නයේ වී වගා කිරීම සඳහා හිඟයකින් තොර ව ගොවීන්ට ජලය ලබා දීමේ අති දැවන්ත වැඩපිළිවෙළක් උතුරු මැද පළාතේ අරඹා තිබේ. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම අනුව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මූල්‍ය ප‍්‍රතිපාදන රුපියල් කෝටි ගණනින්  ලබා දෙමින් සිටිනවා. ලැබෙන හැම ශතයක් ම  විනිවිදභාවයෙන් යුතුව වංචාවෙන් දුෂණයෙන් තොර ව වැව්වල ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා යෙදවීමට අවශ්‍ය විධිවිධාන යොදා ඇති බව ද ප‍්‍රධාන අමාත්‍යවරයා පැවසීය. තමන්ගේ වැවේ නවීකරණ කටයුතු සිදුකරන විට ගොවි සංවිධාන, මහජන නියෝජිතයන් හා ගොවි ජනතාව විමසිලිමත් විය යුතු බව ද ඔහු කීය. 



    එදා රජවරු, මැති ඇමතිවරු රජරට වැව් දහස් ගණනක් ඉදිකර මුළු රටට ම  බත සැපයූ බවත් විදේශ ආක‍්‍රමණ හේතුවෙන් ද නිදහසින් පසු බලයට පත් රාජ්‍ය නායකයන්ගේ නොසැලකිලිමත් බව හේතුවෙන් ද රජරට වැව් විනාශ වී ගොස් ඇති බව ද පැවසූ අමාත්‍යවරයා ජාතියේ පිනෙන් පහළ වූ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා රටට සාමය උදාකර යළි රජරට වැව් ප‍්‍රතිසංස්කරණය කර නිල් දියවරෙන් පුරවා මුළු රටේ ම කුසගින්දර නිවීමට කටයුතු කරමින් සිටින බව ද කීය.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya