ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ලිය ශක්ති කාන්තා කාර්ය සමිතියේ 15 වන සංවත්සර සැමරුම

    සැප්තැම්බර් 24, 2014

    කටාන මහඇත්ගාල ලිය ශක්ති කාන්තා කාර්ය සමිතියට වසර 15ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ ලිය ශක්ති කාන්තා සමිතියේ සාමාජිකාවන්ගේ නිර්මාණ ප‍්‍රදර්ශනය, ලිය ශක්ති සඟරාවේ 03 වන කලාපය එළිදැක්වීම සහ ස්වයංරැකියාලාභීන් සඳහා උපකරණ ප‍්‍රදානය ලිය අබිමන් සංවිධානයේ සභාපතිනී නීතිඥ පුෂ්පා රාජපක්‍ෂ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (22) පැවැත්විණි. 


    1998 වසරේදී ආරම්භ කර ඇති ලිය ශක්ති සංවිධානය කාන්තාවන් ස්වයංරැකියා සඳහා යොමුකරවීම, පුහුණුව ලබාදීම, සමාජසේවා කාර්යන්හි නිරතවීම වැනි සේවාවන්හි යෙදෙනු ඇත. ලිය ශක්ති කාන්තා සමිතියට අනුබද්ධ සියළුම කාන්තාවන් ස්වයංරැකියාන්හි නිරතවීම මෙම සංවිධානයේ ඇති  විශේෂත්වයයි. වසර කිහිපයකදී ම හොඳ ම කාන්තා කාර්ය සමිතිය වශයෙන් තේරී පත්ව ඇති ලිය ශක්ති කාන්තා කාර්ය සමිතියේ සාමාජිකාවන් ද හොඳ ම කාන්තා ව්‍යවසායිකාවන් වශයෙන් සම්මාන හිමි කර ගෙන ඇත. 


    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීනි වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය, පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන ලලිත් වනිගරත්න, ආනන්ද හරිස්චන්ද්‍ර, කටාන ප‍්‍රාදේශීය සභා සභාපති ලීලානන්ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් එක් ව සිටියහ. 


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya