අනුරාධපුර ප‍්‍රදේශයෙන් සොයා ගත් පුරා වස්තු රැසක් මෙම කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. ඉතා අබලන් ව තිබූ මෙම ගොඩනැගිල්ලෙහි සංරක්ෂණ කටයුතු යුධ හමුදාව විසින් සිදු කරනු ලබයි. දැනට සංරක්ෂණ කටයුතු අවසන් කර ඇති අතර, ඉන් පසුව මෙහි නැවුම් මුහුණුවරකින් අනුරාධපුර යුගයට අයත් පුරාවස්තු ඇතුළත් මැදිරි සහ අනුරාධපුර යුගයේ වාරි කර්මාන්තය පිළිබඳ මැදිරියක් ස්ථාපිත කිරීමට නියමිතය. මෙම මැදිරි පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව මගින් ඉදිකරනු ලබන අතර, රුපියල් මිලියන 60ක මුදලක් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය වැය කර ඇත.
ශී‍්‍ර ලංකාවේ ප්‍රෞඪ රාජධානියක් ව පැවති අනුරාධපුර යුගයේ තොරතුරු හා දැනුම දෙස් විදෙස් ජනතාවට මෙම පුරාවිද්‍යා කෞතුකාගාරය තුළින් ලබා ගත හැකි වේ.
ECB



















