ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    "Turning Point" ආයෝජක සමුළුව අමාත්‍ය බැසිල්ගේ මූලිකත්වයෙන් ඇරඹේ

    සැප්තැම්බර් 26, 2014

    විදේශ ආයෝජන ප‍්‍රවර්ධනය කර ගැනීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට පුද්ගලික අංශයේ සහයෝගය ලබාදීමේ පරමාර්ථයෙන් වාණිජ මණ්ඩල සම්මේලනය විසින් ප‍්‍රථම වරට සංවිධානය කරනු ලැබූ "Turning Point" ආයෝජක සමුළුව ඊයේ (25) ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ කිංස්බරි හෝටලයේදී ආරම්භ කෙරිණි.


    මෙම සමුළුව සඳහා ප‍්‍රංශය, එංගලන්තය, ස්විට්සර්ලන්තය, චීනය, මැලේසියාව යන රටවල මූල්‍ය කළමනාකරණ ආයතනවල නියෝජිතයන්, ආයෝජකයන් සහ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහභාගී වන අතර හෝටල් සහ සංචාරක, දේපොළ සංවර්ධනය, බලශක්ති ක්ෂේත‍්‍රය, රැකියා උත්පාදනය සඳහා නව දැනුම ලබාදීම, තොරතුරු තාක්‍ෂණය, අධ්‍යාපනය, ආහාර පිරිසැකසුම, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සංවර්ධනය, දියර කිරි නිෂ්පාදනය වැනි අංශයන්ගේ ආයෝජන අවස්ථාවන් පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරේ.

    ඊයේ සහ අද (26) පැවැත්වෙන මෙම සමුළුව සඳහා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යාංශය සහ ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුග‍්‍රහය දක්වා ඇති අතර විදේශීය ආයෝජකයන් සහ අරමුදල් කළමනාකරණ ආයතන නියෝජිතයන් සමඟ ඍජුව සිය ආයෝජන ව්‍යාපෘති පිළිබඳ ව සාකච්ඡා කිරීමට දේශීය ව්‍යාපාරිකයන් සහ ව්‍යාපාරික ආයතනවලට අවස්ථාව ලබාදී ඇත. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya