ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    එජනිස සියලු පළාත්සභාවලින් අනෙක් පක්ෂවලට වඩා ඡන්ද ලක්ෂ 10ක් ඉදිරියෙන්

    සැප්තැම්බර් 28, 2014

    මෙතෙක් පැවැත්වූ පළාත් සභා නවයෙහි එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය ලබා ගත් මුළු ඡන්ද ප්‍රමාණය එකට එකතු කළ ද එම පළාත් නවයෙහිද එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත් ඡන්ද ප්‍රමාණය එම සියලු පක්ෂ එකතු වී ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා ඡන්ද ලක්ෂ 10කට වැඩි බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 


    එම නිසා නොඑන ආණ්ඩුවක් දෙස බලාගෙන සිටීමෙන් කිසි ප්‍රතිඵලයක් නැති බවත් කවුරු දෑත් අල්ලා ගත්ත ද එම නොඑන ආණ්ඩුව නොඑන බව විපක්ෂ නායකතුමා හැරෙන්නට අනෙක් සියලු දෙනා දන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

     

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කොළඹ 10, පංචිකාවත්ත, සූරිය මල් පුර මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි. මෙම උත්සවය පෙරේදා (26) එම නිවාස සංකීර්ණයේදී පැවැත්විණි.



    “මහින්ද චින්තන ඉදිරි දැක්ම” යටතේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක ජන සෙවණ “නගමු පුරවර” මහල් නිවාස  ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ මෙම මහල් නිවාස සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සිදුකර තිබේ.

    1979 වර්ෂයේදී ආරම්භ කර ඇති සූරිය මල් පුර මහල්  නිවාස ව්‍යාපෘතිය ගොඩනැගිලි 3කින් සහ නිවාස 68කින් සමන්විත වේ. මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් ලක්ෂ 85ක පමණ මුදලක් වැය වී ඇත.

    සියලු ගොඩනැගිලිවල වහල අලුත්වැඩියා කිරීම, අබලන් වූ වඩිම්බු ලෑලි වැහිපීලි, දිය බස්නා නළ පිළිසකර කිරීම, සියලු ගොඩනැගිලිවල පිටත බිත්ති හා තරප්පු පේළි වර්ණාලේප කිරීම, මළ නාළිකා පද්ධති, මනු වලවල් ප්‍රතිසංස්කරණය කිරීම හා අපජලය බැස යන කුඩා මනු වලවල් ප්‍රතිසංස්කරණය කිරීම,  නිසි පරිදි කැළිකසල බැහැර කිරීමේ  ක්‍රියාමාර්ග සැකසීම ඇතුළු ප්‍රතිසංස්කරණ කටයුතු රැසක් මෙම නිවාස සංකීර්ණයේ සිදුකර තිබේ.

     

     

    මේ අවස්ථාවට කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ජගත් කුමාර පෙරේරා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ යන මහත්වරු, නිලධාරීන්, නිවාස වැසියෝ ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

     

    NDH

    NMD 1449

     

     

    NMD 1459

     

    NMD 1737

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya