ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    උතුරේ දියුණුව ලෝකෙට ම ආදර්ශයක්

    සැප්තැම්බර් 29, 2014

    තිස් වසරක යුද්ධයෙන් බැට කෑ පළාතක් වසර පහක් වැනි සුළු කාලයකදී පුනර්ජීවයක් ලබා දියුණුවට පත්වීම අතින් ප්‍රථම ස්ථානයේ සිටිමින් ශ්‍රී ලංකාව ලෝකයට ම ආදර්ශයක් සපයා ඇතැයි සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.


    උතුර දකුණ යා කරමින් යාල්දේවිය පැමිණීම මෙන් ම යාපනය දක්වා දිවෙන සියලු ප්‍රධාන මංමාවත් කඩිනමින් ඉදිකිරීමත් සියලු යටිතල පහසුකම් අතින් දියුණු තත්ත්වයට පත්වීම මඟින් පෙන්නුම් කෙරෙන්නේ උතුරේ ඇසට පෙනෙන විශාල සංවර්ධනයක් සිදු වී ඇති බවයි. අන්තර්ජාතික නියෝජිතයෝ විදෙස් රටවල සිට විවිධ හඬ නැඟුවත් සැබෑ සංවර්ධනය දැක බලා ගැනීමට උතුරට පැමිණිය යුතු බව ද ඒ මහතා සඳහන් කළේය.

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දූරදර්ශී මෙන් ම අභීත නායකත්වය යටතේ කඩිනම් සංවර්ධනයක් සිදු වූ බවත් උතුරේ ජනතාවගේ මීළඟ ප්‍රධාන අපේක්ෂාව වන්නේ උතුරු අධිවේගය ඉදිවනු දැකීම බවත් ඔහු කීය.

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya