ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පෙරපාසල් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් වලපනේදී

    ඔක්තෝබර් 01, 2014
    ලෝක ළමා දිනයට සමගාමීව වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඊයේ (30) වලපනේ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
     
    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ළමා කාන්තා සංවර්ධන ඒකකය මඟින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි.
     
    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ උපදෙස් මත අතිරේක දිස්ත්‍රික් ලේකම් යූ.ඩබ්.ආර්.යූ.එම්. අමරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුව සඳහා ජාතික ළමාරක්ෂණ අධිකාරිය සහ මුල් ළමාවිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ අංශය දායකත්වය සැපයීය.
     
    වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පෙරපාසල් ගුරුවරුන්  50කට ආසන්න පිරිසක් මීට සහභාගී වී සිටිය හ. එමෙන් ම ඔවුන්ට අවශ්‍ය ප්‍රායෝගික දැනුම සහ ප්‍රායෝගික පුහුණුව පිළිබඳ ව දැනුම ලබා ගත හැකි විශේෂ වැඩසටහනක් ලෙස මෙම වැඩමුළුව ඔවුන්ගේ විශේෂ ඇගයීමට ලක් විය.
     
    පෙරපාසල් ගුරුවරුන්ගේ කාර්යභාරය, ළමා රැකවරණය සහ ළමා අපයෝජනය පිළිබඳ ව මෙහි දී විශේෂයෙන් ම දැනුවත් කිරීම් සිදු කෙරිණි.
     
    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya