ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    2014 සැප්තැම්බර් මාසයේ උද්ධමනය

    ඔක්තෝබර් 01, 2014
    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ව විසින් ගණනය කරනු ලබන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයේ (කො.පා.මි.ද.) (2006/07=100) විචලනය මඟින් මනිනු ලබන උද්ධමනය, වාර්ෂික සාමාන්‍ය පදනම මත, 2014 අගෝස්තු මාසයේ පැවති 4.5% සිට 2014 සැප්තැම්බර් මාසයේදී න්යයට 4.2% දක්වා පහත වැටි ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
     
    2014 සැප්තැම්බර් මාසයේ දී ලක්ෂ්‍යමය පදනම මත උද්ධමනය පූර්ව මාසයේ පැවති 3.5%හි නොවෙනස් ව පැවතිණි. 
     
    2014 සැප්තැම්බර් මාසයේ දී කො.පා.මි.දර්ශකයෙහි වූ 0.2%ක මාසික පහත වැටීම සඳහා ආහාර හා මධ්‍යසාර නොවන පාන වර්ග අයත් උප කාණ්ඩයේ අයිතමයන්ගේ මිල ගණන් පහළ යාම ප්‍රධාන වශෙයන් හේතු විය. ආහාර කාණ්ඩය තුළ, එළවළු වර්ග බොහොමයක, කරවල , බිත්තර, අමුමිරිස්, අර්තාපල්, රතු ළූනු, ලොකු ළූනු සහ සමහර මත්ස්‍ය වර්ගවල සාමාන්‍ය මිල ගණන් ඍතුමය බලපෑම් හේතුවෙන් පූර්ව මාසයට සාපේක්ෂ ව පහළ ගියේය. මේ අතර බොහොමයක් සහල් සහ සමහර පලතුරු වර්ගවල මිල ගණන් මේ මාසය තුළ ඉහළ ගිය බව ද මහ බැංකුව සඳහන් කළේය.
     
    ආහාර නොවන කාණ්ඩයේ, නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන සහ  ප්‍රවාහන යන උප කාණ්ඩයන්හි මිල ගණන් 2014 සැප්තැම්බර්  17 වැනි දින සිට බල පාවැත්වෙන පරිදි සිදු කළ ඉන්ධන ගාස්තු සංශෝධනය හේතුවෙන් පහළළ ගියේය. රෙදිපිළි හා පාවහන්,  සෞඛ්‍ය, සන්නිවේදනය, අධ්‍යාපනය සහ විනෝදාත්මක හා සංස්කෘතික යන උප කාණ්ඩයන්ගේ මිල ගණන් මේ මාසය තුළ දී නොවෙනස් ව 
    පැවතිණි. මේ අතර ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා දෛනික ගෘහ නඩත්තුව සහ විවිධ භාණ්ඩ හා සේස යන අනෙකුත් උප කාණ්ඩයන්ගේ මිල ගණන් මේ මාසය තුළ ඉහළ ගියේය. 
     
    ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පෙන්නුම් කරන මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2014 අඅගෝස්තු මාසයේ දී පැවති 3.9%හි සිට සැප්තැම්බර් මාසයේ දී 3.7% දක්වා පහළ ගිය බවත් මේ අතර වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය පූර්ව මාසයේ වාර්තා කළ 3.2%හි ම නොවෙනස් ව පැවතුණු බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේය. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya