ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මහවැලි විද්‍යාපීඨයට භාෂාගාරයක් එක්වෙයි

    ඔක්තෝබර් 01, 2014
    රුපියල් මිලියන 10ක් වැය කර පොල්ගොල්ල මහවැලි විද්‍යාපීඨයේ ස්ථාපිත කළ නව භාෂාගාරය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු තානාපති වයි.කේ. සිංහා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (29)  විවෘත කෙරිණි.
     
    ශ්‍රී ලංකාවේ පළාත් 09හි භාෂාගාර 01 බැගින් ස්ථාපිත කිරීම සඳහා ඉන්දීය රජයෙන් රුපියල් මිලියන 90ක පරිත්‍යාගයක් සිදු කළේය. ඒ අනුව මධ්‍යම පළාතේ ඉදිකරන ලද භාෂාගාරය මෙයයි.
     
    මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා බය නැතිව වැරදි වැරදි හෝ ඉංග්‍රීසී භාෂාව කතා කළ යුතු බව අවධාරණය කළේය. පාසල් පද්ධතියේ මේ වන විට භාෂාගාර 1000ක් ස්ථාපිත කර තිබෙන්නේ වැරදි වැරදි හෝ ඉංග්‍රීසි භාෂාව ඇතුළු භාෂාවන් ඉගෙන ගැනීමට බව පෙන්වා දුන් අමාත්‍යවරයා හෙට දවසේ දරුවන්ගේ අනාගතය ගොඩනැගීමට නම් ගුරුවරයා ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය ගැන හොඳ දැනුමක් තිබෙන විද්වත් පිරිසක් බවට පත්විය යුතු බව ද සඳහන් කළේය.
     
    අනාගත පරම්පරාවේ දරුවෝ නිරතුරුව ම තොරතුරු සොයමින් දැනුවත් පිරිසක් බවට පත් වන නිසා පාසල්වලට පරිගනක 66,000ක් ලබාදී තිබේ. අපේ රටේ දරුවෝ ලෝකයේ ඕනෑම රටක ඉන්න මානව සම්පත් සමඟ තරග කර අභියෝග ජය ගැනීමට හැකි නිපුණතා සහිත දර පරපුරක් බවට සියලුම ජාතියක් ම නියෝජනය වන දරුවන් පරිවර්තනය වන බවත් ආසියාතික කලාපයේ අභ්‍යන්තරිකව තිබෙන  අන්තර් සහයෝගයෙ හේතුවෙන් ඉතා වේගවත් සංවර්ධනයක් කරා යෑමට හැකි වී තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya