ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    රබර් පර්යේෂණ ආයතනයට නවීන විද්‍යාගාර සංකීර්ණයක්

    ඔක්තෝබර් 02, 2014

    රබර් පර්යේෂණ ආයතනයේ පර්යේෂණ නව්‍යකරණය හා සංවර්ධන ශක්‍යතාවන් වැඩිදියුණු කිරීම සඳහා නවීන විද්‍යාගාර සංකීර්ණයක් පිහිටුවීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යෝජනා කර ඇත.


    යෝජිත විද්‍යාගාරය මඟින් කුඩා වතු හිමි ප‍්‍රජාව, මහා පරිමාණ රබර් නිපැයුම් නිෂ්පාදකයන්, රබර් ආශ‍්‍රිත වෙළෙඳ සමාගම්, විශ්වවිද්‍යාල සිසුන් හා විද්වතුන් ඇතුළු රබර් ක්ෂේත‍්‍රයේ සියලු ම පාර්ශ්වකරුවන් සඳහා පහසුකම් සපයාදීමට අපේක්ෂා කෙරේ.

    රබර් කර්මාන්තයේ පර්යේෂණ හා සංවර්ධන අංශවල ඉල්ලුම සැපිරීම සඳහා 1909 වසරේ දී පිහිටුවන ලද රබර් පර්යේෂණ ආයතනය ලොව ඒ වර්ගයේ පළමු ආයතනය වේ. එ මඟින් ලෝක රබර් කර්මාන්තයේ දියුණුවට සිදු වූ වටිනා දායකත්වය ලොව පුරා පිළිගැනීමට ලක් ව ඇත.

    ආයතනයේ ශක්‍යතා වැඩිදියුණු කරමින් අදාළ කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද එම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya