ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කිරිපිටි සහ අයිස්ක්‍රීම්වල DCD පරීක්ෂණ: විශේෂ සාකච්ඡාවක් අද

    ඔක්තෝබර් 02, 2014
    "කිරිපිටි සහ අයිස්ක්‍රීම්වල DCD පරීක්ෂණ 100% ක් නිවැරදියි" යන්න පිළිබඳ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් අද (02) පෙරවරුවේ කොළඹ 07, කාර්මික තාක්ෂණ ආයතන (ITI) පරිශ්‍රයේදී පැවැත්වේ.
     
    කාර්මික තාක්ෂණ ආයතනය (ITI) විසින් අවස්ථා කිහිපයකදී කිරිපිටිවල සහ අයිස්ක්‍රීම්වල සිදු කළ DCD පරීක්ෂාව නිවැරදි නොවන බවටත්, ඒ සඳහා සුදුසු රසායනාගාර පහසුකම් හෝ පරීක්ෂණ මෙවලම් නොමැති බවටත් විවිධ පිරිස් සාවද්‍ය මත පළ කරමින් සිටී. කිරිපිටිවල සහ අයිසික්‍රීම්වල DCD හඳුනාගැනීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති ද මේ දිනවල විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වේ. 

    මේ සියළු තත්ත්වයන් සැලකිල්ලට ගෙන කාර්මික තාක්ෂණ ආයතනය (ITI) විසින් කිරිපිටිවල සහ අයිස්ක්‍රීම්වල DCD හඳුනාගැනීමට තමන් සිදු කළ පර්යේෂණ ක්‍රමවේද සහ මේ වන විටත් සිදුකරනු ලබන පරීක්ෂණ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම අරමුණු කරගනිමින් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

    මේ සඳහා කාර්මික තාක්ෂණ ආයතනයේ සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම, වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුදිත ලියනගෙදර සහ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරීන් ද සහභාගීවීමට නියමිතය. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya