ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    රටේ සියලු ජන කොටස්වල ගැටලු තේරුම් ගත් නායකයෙක් සිටීම රටේ භාග්‍යයක්

    ඔක්තෝබර් 02, 2014

    රටේ සියලු ම ජන කොටස්වල ගැටලු තේරුම් ගත් නායකයෙක් සිටීම රටේ භාග්‍යයක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා කල්මුණේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.


    මෙම ප‍්‍රදේශයේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින ජනතා නියෝජිතයන්ගෙන් බොහෝ දෙනෙක් ජනතා ඉල්ලීම් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත ඉදිරිපත් කරන්නේ නැහැ. රටට නිදහස ලැබුණු දා සිට උතුරු නැගෙනහිර නියෝජනය කළ මන්ත‍්‍රීවරු ප‍්‍රදේශයේ අවශ්‍යතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ හඬක් නැගුවේ නැහැ. ඔවුන් කතා කළේ තමන්ගේ දේශපාලන බලය තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් පමණි. ඔවුන් දේශපාලඥයන් ලෙස තමන්ගේ  ඕනෑ එපාකම් ඉටුකර ගත්ත ද රට සහ ජනතාව පිළිබඳ ව හැඟීමකින් කටයුතු කළේ නැති බව ද ඔහු කීය.

    උතුරු නැගෙනහිර නායකයන් අවංකව ප‍්‍රදේශයේ ප‍්‍රශ්න පිළිබඳ ව හඬ නැඟුවේ නම් මේ වන විට සියල්ල විසඳී හමාරය. දැන් එළඹී ඇත්තේ රට ශීඝ‍්‍රයෙන් සංවර්ධනය කරා පියනගන යුගයයි. උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල සංවර්ධන ව්‍යාපෘති රාශියක් දැනට ක‍්‍රියාත්මක වේ. ගමේ සංවර්ධන කටයුතුවල නායකත්වය ගත යුත්තේ ගම්වාසීන්ය. ගමේ අවශ්‍යතාවන් පිළිබඳ ව නිසි වැටහීමක් ගම්වාසීන් සතුව පවතින නිසා ඒ කාර්යය වඩාත් පහසු වේ. අතිගරු ජනාධිපතිතුමාට අවශ්‍ය වන්නේ මේ සියලු ම ජන කොටස්වලට එක හා සමානව සැලකීමටය. කිසිදු භේදයක් නොමැතිව සෑම පුරවැසියෙකුගේ ම අවශ්‍යතාවලට කඩිනම් විසඳුම් ලබාදීම එතුමාගේ අපේක්ෂාව  බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    ප‍්‍රදේශයට අවශ්‍ය සංවර්ධන කටයුතු කඩිනම් ව සිදු කර ගැනීමට නම් අතිගරු ජනාධිපතිතුමා සමඟ නිසි සම්බන්ධීකරණයන් ගොඩ නගා ගැනීම වැදගත් වේ. ප‍්‍රදේශයේ සංවර්ධන කටයුතුවලදී ප‍්‍රදේශවාසීන්ගේ ක‍්‍රියාකාරී සහභාගීත්වය අත්‍යවශ්‍ය සාධකයකි. රජය ලබාදෙන මුදල් ප‍්‍රතිපාදන නිසි පරිදි කළමනාකරණය කරගෙන ඉන් උපරිම ඵල නෙලාගත හැක්කේ ඒ සඳහා ප‍්‍රදේශවාසීන් උපරිම සහයෝගයක් ලබා දුන් විට පමණි. මෙම ප‍්‍රදේශයට කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් සිදු විය යුතු කාර්යභාරයක් වෙතොත් කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් ඒ සඳහා උපරිම දායකත්වය ලබා දෙන බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya