ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    රබර් ආශ්‍රිත නිෂ්පාදන තාක්ෂණ ශිල්පීන්ගේ පුහුණු පාඨමාලාව සාර්ථකයි

    ඔක්තෝබර් 03, 2014
    රබර් ආශ්‍රිත නිෂ්පාදන තාක්ෂණ ශිල්පීන් සඳහා වූ ප්‍රායෝගික රබර් තාක්ෂණික පාඨමාලාව සාර්ථක ව නිමකළ පුහුණුලාභීන් 15 දෙනෙකු සඳහා සහතිකපත්‍ර ප්‍රදානය කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අනුර සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
     
    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනය ඒකාබද්ධව මේ පාඨමාලාව පවත්වනු ලැබීය. දිවයින පුරා විසිරී සිටින රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත කරුවන්ගෙන් තෝරා ගත් පිරිසකට මුල් අදියරේදී මේ පාඨමාලාවට සහභාගී වීමට අවස්ථාව හිමි වුණි.
     
    ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භාණ්ඩ අතර ප්‍රමුඛ ස්ථානයක් හිමි කර ගන්නා රබර් ආශ්‍රිත නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම උදෙසා ශ්‍රමිකයන් පුහුණු කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. භාරධූර අපනයන ඉලක්ක සපුරා, කර්මාන්ත අංශයේ දායකත්වය ඉහළ නැංවීමට නම් ඉහළ ගුණාත්මක භාවයකින් යුක්ත භාණ්ඩ අපනයනයට එක් කළ යුතු බවත් ඒ සඳහා ශ්‍රමිකයන් පුහුණු කිරීමට මෙවැනි පාඨමාලා අත්‍යවශ්‍ය බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.
     
    මෙම අවස්ථාව සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් හා ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේ ඉහළ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya