ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රතිසංස්කරණය කරන ලද සාංචිආරච්චිවත්ත මහල් නිවාස සංකීර්ණය හෙට ජනතා අයිතියට

    ඔක්තෝබර් 03, 2014
    වසර 41කට පසු රුපියල් මිලියන 24ක වියදමින් පූර්ණ ප්‍රතිසංස්කරණය කරන ලද කොළඹ 10, මරදාන, සාංචිආරච්චි වත්ත මහල් නිවාස සංකීර්ණය ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (04) ප.ව. 3.30ට ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.
     
    මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන ජන සෙවණ නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව ක්‍රියාවට නැංවෙන “නගමු පුරවර”  පැරණි මහල් නිවාස ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ මෙම මහල් නිවාස සංකීර්ණය පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක්කෙරිණ.
     
    නිවාස 244කින් සමන්විත සාංචිආරච්චි වත්ත මහල් නිවාස ව්‍යාපෘතියේ වහළ අලුත්වැඩියා කිරීම, වැහිපීලි අලුත්වැඩියා කිරීම, ජල පොම්පාගාර අලුත්වැඩියාව, මළාපවාහන පද්ධති  අලුත්වැඩියාව, අපජල කානු පද්ධති අලුත්වැඩියාව, අබලන් වූ බිත්ති ප්‍රතිසංස්කරණය කිරීම, ගොඩනැගිලි වර්ණ ආලේප කිරීම සහ සියලු යටිතල පහසුකම් අලුත්වැඩියා කර තිබේ.
     
    මෙම අවස්ථාවට නාගරික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, එම අමාත්‍යාංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා යන මහත්වරුන්, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් , ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya