ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    එජාපය රාජ්‍ය සේවය 1/3කට අඩුකළ බව අද අමතකයි

    ඔක්තෝබර් 04, 2014

    පසුගිය එක්සත් ජාතික පක්ෂ රජය, රාජ්‍ය සේවය තුනෙන් එකකට හකුලා දැමීමට තීන්දු කළ බවත් වර්තමානයේ දී එය බොහෝ දෙනෙකුට අමතක වී ඇති බවත් ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.


    ක්ෂේත‍්‍ර නිලධාරීන්ට රාජකාරියේදී පවතින ගැටලු අවම කිරීමේ අවශ්‍යතාව හොඳින් වටහා ගත් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2014 අය-වැය මඟින් විශාල මුදලක් වෙන් කර ක්ෂේත‍්‍ර නිලධාරීන්ගේ ප‍්‍රවාහන පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙළ කි‍්‍රයාක්මක කළා. ගමක ඉපදී ගමේ දුෂ්කරතා හඳුනාගත් ජනාධිපතිතුමාට ගමේ ගැටලු හඳුනාගැනීමට හොඳ ඉවක් තිබෙනවා. නමුත් රාජ්‍ය සේවයෙන් තුනෙක් එකක් විශ‍්‍රාම ගන්වා නැවත එම පුරප්පාඩුවලට සේවකයන් බඳවා ගැනීම නවතා දැමීමට එදා එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙළ වූ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 


    අමාත්‍යවරයා මේ අදහස් පළකළේ රාජ්‍ය සේවයේ ක්ෂේත‍්‍ර නිලධාරීන් සඳහා යතුරුපැදි බෙදාදීමේ උත්සවයකට එක්වෙමිනි. 

    නිලධාරීන් සඳහා යතුරුපැදි බෙදාදීම ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කළ අතර මෙහිදි තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මෙම වැඩසටහන තුළින් ලබා දෙන යතුරුපැදියක වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 02ක් පමණ වන බව පැවසීය. කාන්තා යතුරුපැදියක් රුපියල් 40,000 බැගින් ද පිරිමි යතුරුපැදියක් රුපියල් 50,000ක මුදලකට රාජ්‍ය නිලධාරීන්ට ලබා දෙනු ඇත. වෙළෙඳපොළ මිලෙන් තුනෙන් එකකට වඩා අඩු මුදලක් අයකර නවීන යතුරුපැදි රාජ්‍ය නිලධාරීන්ට බෙදා දෙන නමුත් මේ සඳහා තවදුරටත් ගෙවීමක් සිදු කළ යුතු යැයි සමහර අය කියනවා. නිකන් දෙන අශ්වයාගේ දත් බලන අයත් රාජ්‍ය සේවයේ ඉන්නා බව අමාත්‍යතුමා මෙහිදී පෙන්වා දුන්නේය. 

    සෑම දෙනාම අලුත් දෙයක් පරිභෝජනය කිරීමට කැමති බවත් විවිධ අඩුපාඩු කියා හොඳ වහන්න උත්සාහ නොකරන ලෙසත් අමාත්‍යතුමා පැවසීය. 2014 අය-වැය යටතේ පොදු තීන්දුවක් ප‍්‍රකාශයට පත්කළා රාජ්‍ය අංශයට පහසුකම් ලබාදීම සම්බන්ධයෙන්.  පහසුකම් ලබාදීමේ දී ක්ෂේත‍්‍ර නිලධාරීන් වෙනුවෙන් ප‍්‍රවාහන පහසුකම් ලබාදීමට කටයුතු කිරීම ඉතා වැදගත්. ප‍්‍රාදේශීය සංවර්ධනය වෙනුවෙන් රජය විසින් ලබා දී ඇති මුදල් ප‍්‍රතිපාදන යොදාගනිමින් ක‍්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති නිරීක්ෂණය කිරීමට සහ නිතිපතා මනා සම්බන්ධීකරණයක් ඇති කර ගැනීම සඳහා ඔවුන් එම ස්ථානවලට යාමට ප‍්‍රවාහන පහසුකමක් සපයාදීමට මෙමඟින් හැකි වී තිබෙන බවත් අමාත්‍යතුමා පැවසීය. 

    ව්‍යාපෘති නිලධාරීන්ගේ වගකීම නිසි ලෙස ඉටුකිරීමට පැවති ගැටලුව විසඳීමට මෙම වැඩසටහන මහෝපකාරී වේ. පවතින අධ්‍යාපන ක‍්‍රමය මඟින් රාජ්‍ය සේවයට නිලධාරීන් බඳවා ගැනීමට අවශ්‍ය පිරිසක් නිර්මාණය කරන නිසා එම තත්ත්වය වෙනස් නොකර රාජ්‍ය සේවය කප්පාදු කිරීම තුළින් ග‍්‍රාමීය මධ්‍ය විද්‍යාල, මහා විද්‍යාලවලින් පිටවන උසස් පෙළ සමත් උපාධිධාරී ගමේ දරුවන් කුමක් ද කරන්නේ කියන එක එදා එජාපය කල්පනා කළේ නැහැ. මේ සම්බන්ධයෙන් මා පාර්ලිමේන්තු අය-වැය විවාදයේ දී විමසූ විට එජාපයේ පිළිතුරු වුණේ එවැනි තත්ත්වයක් පිළිබඳ ව එජාපය සිතා නොමැති බවයි. නමුත් ජනාධිපතිතුමා පසුගිය දශකය තුළ මෙම අදහස් වෙනස් කර තිබෙන බවත් ලක්ෂ හතක් පමණ වූ රාජ්‍ය සේවය වර්තමානයේ දී ලක්ෂ පහළොවක් පමණ දක්වා වැඩිකර තිබෙන බවත් ඔහු කීය. පක්ෂ භේද, ජාති භේද නොසලකා සියලු උපාධිධාරීන් හට රාජ්‍ය සේවයේ රැකියා ලබාදීමට කටයුතු කළා. උපාධිධාරියෙකු ගෙදරක නිකන් තබා ගැනීමට රජය කිසිසේත් අකමැතියි. එසේ ම ගම සංවර්ධනය කිරීමේ කාර්යයේ නියමු වගකීම රජය, උපාධිධාරීන්ට පවරා ඇත. රාජ්‍ය සේවය යනු පැමිණීමෙන් පසු ඉල්ලීම් දිනා ගැනීමට ඇති තැනක් නොවේ. රාජ්‍ය සේවයට පැමිණීමට බලා සිටින විශාල පිරිසක් සිටින නිසා රාජ්‍ය සේවය යනු දුර්ලභ අවස්ථාවක් බවත් ඔහු විසින් පෙන්වා දෙන ලදී.

    රාජ්‍ය සේවකයාට නියමිත වේතනයක් ලැබෙනු ඇත. නියමිත වේතනයට වාර්ෂිකව වැටුප් වර්ධකයක් හිමි වේ. ඊට අමතරව අයවැය මඟින් වැටුප් සහ දීමනා වැඩි කරන අතර උසස්වීම් ලැබෙනු ඇත. එසේම රාජ්‍ය සේවයෙන් විශ‍්‍රාම ගත් විට විශ‍්‍රාම වැටුපක් ද හිමි වේ. මහජන සේවය අර්ථවත් වන්නේ සැබවින් ම මහජන සේවයක් කිරීම තුළිනි. රාජ්‍ය සේවය කාර්යක්ෂම ව පවත්වා ගෙන යාම සඳහා පහසුකම් සැපයීම රජය සිදුකරයි. මේ සියල්ල ලබා දෙන්නේ රාජ්‍ය සේවයේ ඔබ වෙත එන ජනතාවට අනලස්ව කඩිනමින් සේවය සැපයීමට බව සිහිතබා ගන්නා ලෙසත් අමාත්‍යතුමා වැඩිදුරටත් පැවසීය.


    "ඔබට සවියක්" තේමාව යටතේ මහින්ද චින්තන ඉදිරි දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාරව රාජ්‍ය සේවයේ ක්ෂේත‍්‍ර නිලධාරීන් සඳහා යතුරුපැදි බෙදාදීම යටතේ පන්නල, සහ උඩුබද්දාව ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාසවල සියලු ක්ෂේත‍්‍ර නිලධාරීන්ට මෙහිදී යතුරුපැදි බෙදා දුන්නේය.


    වයඹ පළාත් සභා මන්ත‍්‍රී කමල් හේරත්, පන්නල ප‍්‍රාදේශීය සභා සභාපති රංජිත් ලංසක්කාර, කුරුණෑගල අතිරේක දිස්ත‍්‍රික් ලේකම් වරුණ සමරදිවාකර, පන්නල ප‍්‍රාදේශීය ලේකම් එම්.ඒ.ඒ.එස්. පි‍්‍රයංකර, උඩුබද්දාව ප‍්‍රාදේශීය ලේකම් ඩී.ඒ. නයනානන්ද යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට සහභාගී වූහ.  


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya