ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    දරුවන්ට අදාළ කාරණාවලදී තීන්දු තීරණ ගැනීමේ අයිතිය දරුවන්ට ම ලබා දිය යුතුයි

    ඔක්තෝබර් 04, 2014

    දරුවන්ට අදාළ කාරණාවලදී තීන්දු තීරණ ගැනීමේ අයිතිය දරුවන්ට ම ලබා දිය යුතු බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.


    එක්සත් ජාතීන්ගේ ළමා ප‍්‍රඥප්තියේ ද මේ බව සඳහන් වන බව පෙන්වා දුන් ඒ මහතා ළමා උයනක් සකසන විට එහි ඔංචිල්ලාවේ පැහැය පවා වැඩිහිටියන් තීරණය කරන බවත්, වැඩිහිටියන් මෙය නොදැනුවත්ව ම කරන වරදක් බවත් ප‍්‍රකාශ කළේය. ඒ තත්ත්වය වෙනස් කිරීමට අද දිනයේදී අදිටන් කර ගත යුතු බව ද අවධාරණය කළේය.

    ලෝක ළමා දිනය සැමරීම සඳහා පසුගිය බදාදා වැල්ලවත්ත ශ‍්‍රී සුගත විහාරස්ථ ජිනානන්ද ළමා නිවාසයේ දරුවන් සහභාගී කර ගනිමින් පැවති උත්සවයේදී අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය. 

    මෙහිදී අමාත්‍යංශයේ සේවක සේවකාවන් එක් වී දරුවන් සමඟ ගීත ගයා සතුටු වූ අතර දරුවන්ට ආහාරපානාදියෙන් සංග‍්‍රහ කොට තෑගි බෝග ද පිරිනැමීය. යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය මඟින් සංවිධානය කරන ලද මෙම උත්සවයේදී අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද කීය. 

    "ජාත්‍යන්තර ළමා දිනය සැමරීමේ ජාතික උත්සවය මේ මොහොතේ මහරගම ජාතික තරුණ සේවා සභාවේදී පැවැත්වෙනවා. එයට සමගාමීව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය ලෝක ළමා දිනය ඉතා ම අර්ථාන්විත හා ආදර්ශමත් ආකාරයට සැමරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ස්තූතිය පළ කරනවා

    එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකයේ ශීලාචාරකම මනින අලුත් ම මිම්ම විදියට සලකන්නේ ඒ රට, ඒ සංවිධානය, ඒ පුද්ගලයා, දරුවන්ට සහ ආබාධිතයන්ට සලකන්නේ කොහොමද? කියන එකයි. ඒ නිසා අද දවස රජයට, අපේ අමාත්‍යංශයට, අපිට, අපේ ශීලාචාරකම මැන ගන්න ඉතා හොඳ අවස්ථාවක්.

    ලෝකයේ දරුවන් හා කාන්තාවන් වඩාත් ම බිය ගන්වන, අනතුරුදායක තත්ත්වයට පත්වන සිද්ධිය වන්නේ යුද්ධයයි. ප‍්‍රංශයේ යුද සහ දේශපාලන නායකයෙක් වූ නැපෝලියන් බොනපාට් යුද්ධය හැඳින්වූයේ ම්ලේච්ඡයන්ගේ ක‍්‍රීඩාව ලෙසයි. අපේ රට මේ වන විට දරුවන් ඒ බියෙන් මුදවා ගෙන තිබෙනවා. අද මේ අවස්ථාවට පෙරපාසල් යන වයසේ දරුවනුත් සහභාගී වෙනවා. ඔවුන්ගේ මව්වරුන්, ඔවුන් බිහිකරන අවස්ථාවේ විශාල චකිතයක් තිබෙන්න ඇති. තමා බිහිකරන දරුවාගේ අනාගතය පිළිබඳ මව්වරුන්ට බියක් තිබෙන්න ඇති. අද කව්රුවත් බලාපොරොත්තු නො වූ ලෙසට ඒ බිය නැති වෙලා.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුමත කළ ළමා ප‍්‍රඥප්තියේ එක් වගන්තියක් පිළිබඳ ඔබේ අවධානය යොමු කරවන්න කැමතියි. දරුවන්ට අදාළ කාරණාවලදී තීන්දු තීරණ ගැනීමේ අයිතිය දරුවන්ට ලබා දිය යුතු බව එහි සඳහන් වෙනවා. ළමයින්ට අදාළ බොහෝ කාරණාවලදී තීන්දු තීරණ ගන්නේ වැඩිහිටියන්. මෙය නොදැනුවත්ව වැඩිහිටියන් විසින් කරන වරදක්. 

    2005 දී මහින්ද චින්තන ලියවිල්ල පිළිබඳ එවකට අග‍්‍රාමාත්‍ය, මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේ ‘‘මහින්ද චින්තනය’’ යනු ළමයින් වෙනුවෙන්, ළමයින් උදෙසා ලියැවුණ ලියවිල්ලක් ලෙසයි. එය ළමයින් උදෙසා ළමයින් වෙනුවෙන් ගොඩනැගෙන ආණ්ඩුවක ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ලෙස එදා එතුමා හැඳින්වූවා. මහින්ද චින්තනයේ පදනම ළමයි. අපි අද දවසේ අපේ දරුවන්ගේ උපන්දිනය මේ දරුවන්ගේ උපන් දිනය බවට පත් කර ගන්න අධිෂ්ඨාන කරගනිමු.’’ යැයි ද ඔහු කීය. 

    සියම් මහ නිකායේ ශ‍්‍රී රෝහණ පාර්ශවයේ මහා ලේඛකාධිකාරී අතිපූජ්‍ය ඕමාරේ කස්සප, වැල්ලවත්ත ශ‍්‍රී සුගත මහා විහාරස්ථ ජිනානන්ද ළමා නිවාසයේ නිර්මාතෘ ඌරුමුත්තේ සුගතානන්ද යන ස්වාමීන් වහන්සේලා ද මෙහිදී කතා කළහ.   

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya