ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කුඩාගම තෙළිඟු ජනතාවගේ ජීවන මට්ටම නගාසිටුවීමට පියවර

    ඔක්තෝබර් 05, 2014

    තඹුත්තේගම, කුඩාගම ජීවත් වන තෙළිඟු ජනතාවගේ ජීවන මට්ටම නගාසිටුවීම සඳහා මෙරට සාමාන්‍ය ජනතාවට ලබාදෙන සියලු ම යටිතල පහසුකම් ඔවුන්ට ද ලබාදීමට කටයුතු කර ඇත.


    ඒ සඳහා රජයේ මෙන් ම උතුරු මැද පළාත් සභාවේ දායකත්වය ලබාදීමට ද අපේක්‍ෂා කෙරේ. ශ්‍රී ලංකාව පුරා ජීවත් වන 15,000කට අධික තෙළිඟු ජනතාව කුඩාගමට කැඳවා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඉදිරියේදී තෙළිඟු සම්මේලනයක් පැවැත්වීමට ද අපේක්‍ෂා කෙරේ. 

    කුඩාගම ගම්මානයේ ජීවත්වන තෙළිඟු ජනතාවගේ නිවාස සෙවිලි කිරීම සඳහා නොමිලේ උළු ප‍්‍රදානය කිරීමට එක්වෙමින් උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා මේ බව පැවසීය. මෙහිදී පවුල්‍ 30කට උළු 1,000 බැගින් ප‍්‍රදානය කෙරිණි.

    තෙළිඟු ජනතාව එක්කොට කුඩාගම තෙළිඟු ගම්මානයේ දී මේ මහ සමුළුව පැවැත්වීම සඳහා අමාත්‍ය එස්.එම්. චන්‍ද්‍රසේන මහතා සහ උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ඇත.

    තෙළිඟු ජනතාව සතු පැරණි සංස්කෘතිකාංග සමඟ සියලු සංස්කෘතිකාංග සහිත ව කුඩාගම දී ප‍්‍රසංගාත්මක උත්සවයක් පැවැත්වීමට පියවර ගනු ඇත. මේ අවස්ථාවට සංචාරකයන් සහ අනුරාධපුර හෝටල් හිමියන් සහභාගි කරවීමට අපේක්‍ෂිතය. මෙවැනි සංස්කෘතිකාංග ප‍්‍රදර්ශනය කිරීමෙන් දිගින් දිගට ම විදේශිකයන්ගේ අවධානය ඒ කෙරෙහි යොමු කරවීම මෙහි එක් අරමුණක් වේ. ඒ මඟින් තෙළිඟු ජනතාවගේ ආර්ථිකය ඉහළ මට්ටමකට ගෙන ඒ ම මෙන් ම පාරම්පරික සංස්කෘතිය රැකගැනීමට ද බලාපොරොත්තු වේ.

     

    කුඩාගම පිහිටි ඔවුන්ගේ ජන කෞතුකාගාරය කේන්‍ද්‍ර කරගනිමින් මේ සියල්ල සිදු කෙරේ.

    මේ අවස්ථාවට උතුරු මැද  පළාත් සභාවේ සභාපති ටී.එම්.ආර්. සිරිපාල, ප‍්‍රධාන අමාත්‍යාංශ ලේකම් චන්‍ද්‍රසිරි බන්ඩාර යන මහත්වරු ද ප‍්‍රදේශවාසීහු විශාල පිරිසක් ද එක්වූහ.

    NDH

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya