ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    "සොඳුරු පවුලක් ගොඩ නගමු" වැඩසටහන් මාලාවේ සමාරම්භය අද

    ඔක්තෝබර් 05, 2014

    සමාජ විරෝධී ක්‍රියාවන් සහ ඊට බලපාන හේතු සාධක පිළිබඳ ව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් කොළොන්නාව පංචායුධ පදනම මඟින් සංවිධානය කරනු ලබන‍ මනෝවෛද්‍ය උපදේශන වැඩසටහන් මාලාවේ සමාරම්භය ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙ.ව. 9.00 ට කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.


    "සොඳුරු පවුලක් ගොඩ නඟමු" යන්න මෙහි තේමාව වේ. මත් උවදුර, ළමා අපයෝජන, දෙමව්පියන් සහ දරු දැරියන් පවුල්  සංස්ථා අතහැර යාම, කායික හා මානසික වශයෙන් සිදු වන ළමා හිංසනය වැනි සමාජ විරෝධී ක්‍රියාවන් සහ ඊට බලපාන හේතු සාධක පිළිබඳව මහජනතාව දැනුවත් කර එම සමාජ විරෝධී ක්‍රියාවලින් තොර සමාජයක් නිර්මාණය කිරීම සඳහා උපදේශන සේවා සැපයීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.


    මේ සඳහා කොළොන්නාව නගර සභා බල ප්‍රදේශයේ ජීවත් වන 200ක පමණ පිරිසක් සහභාගී වීමට නියමිතය.

    මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න, කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී හේමසිරි අමරසිංහ, ලක්මව දියණියෝ සංවිධානයේ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල, ජාතික නිදහස් පෙරමුණේ කොළොන්නාව සංවිධායක ප්‍රියංකර පළිහක්කාර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිත ව තිබේ.

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya