ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සාංචිආරච්චි වත්ත මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට

    ඔක්තෝබර් 05, 2014
    වසර 40කට පසු රුපියල් මිලියන 24ක වියදමින් පූර්ණ ප්‍රතිසංස්කරණය කරන ලද කොළඹ, මරදාන, සාංචිආරච්චි වත්ත මහල් නිවාස සංකීර්ණය ඊයේ (04) ජනතා අයිතියට පත් කෙරුණි.
     
    මේ රටට අවශ්‍ය ජයග්‍රහණ දිනා දුන්නේ වත්මන් රජය බවත් කොළඹ නගරයේ සැරිසැරූ මරණ බිය අවසන් කොට කොළඹ නගරයට යහපත් ජීවන තත්ත්වයක්, පිරිසිදු වටපිටාවක් ඇතිකරලා දී ඇත්තේ ද වත්මන් රජය බවත් පෙන්වාදුන් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැරණි මහල් නිවාස නවීකරණය කරන්නේ ද වත්මන් රජය බවත් පෙන්වා දුන්නේය.
     
    කොළඹ අලුත් උද්‍යන හදන්නෙත් මේ රජය. පැල්පත්වාසීන්ට කොළඹ නගරයේ 60,000 ක් නිවාස හදන්නේ මේ රජය. කොයි කාලේ කොළඹ නගරයේ කොයි පැත්තට ගියත් වර්තමානයේ වෙන කවර දාටත් වඩා කොළඹ ජනතාව වත්මන් රජය සමඟ සිටගත යුතුයි.
     
    2005 ජයග්‍රහණයෙන් සාමය දිනා දුන්නා. 2010 ජයග්‍රහණයෙන් රටේ සංවර්ධනයේ විශාල වැඩ කොටසක් කරලා ඊළඟ ජයග්‍රහණයත් එක්ක කර්මාන්ත පුබුදුවන, නිෂ්පාදන වැඩිකරන, දේශීය නිෂ්පාදකයන්ට පණ දෙන න්‍යාය පත්‍රයකට මේ රට ගෙන යාමට අපි එකට එක් විය යුතුයි. ඒ සඳහා ඔබ මේ රජය සමඟ අත්වැල් බැඳගත යුතුයි. මුදල් අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා මුළු රටේම තියෙන මහල් නිවාස යෝජනා ක්‍රම ප්‍රතිසංස්කරණය කිරීමට අපි ඉල්ලු මුදල් ලබාදුන්නා. එතුමා දැක්වූ දායකත්වය නිසා ඒ අනෙක් මහල් නිවසත් සමඟම මේ මහල් නිවාස යෝජනා ක්‍රමයත් මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කරන්න අපට හැකි වුණා.
     
    මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන ජන සෙවණ නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව ක්‍රියාවට නැංවෙන “නගමු පුරවර”  පැරණි මහල් නිවාස ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ මෙම මහල් නිවාස සංකීර්ණය පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක්කෙරිණ.
     
    නිවාස 244 කින් සමන්විත සාංචිආරච්චිවත්ත මහල් නිවාස ව්‍යාපෘතියේ වහළය අලුත්වැඩියා කිරීම, වැහිපීලි අලුත්වැඩියා කිරීම, ජල පොම්පාගාර අලුත්වැඩියාව, මළපවාහන පද්ධති  අලුත්වැඩියාව, අපජල කානු පද්ධති අලුත්වැඩියාව, අබලන් වූ බිත්ති ප්‍රතිසංස්කරණය කිරීම, ගොඩනැගිලි වර්ණ ආලේප කිරීම සහ සියලු යටිතල පහසුකම් අලුත්වැඩියා කර තිබේ.
     
    මෙම අවස්ථාවට කොළඹ නාගරික මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා , නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් පී. එච්.එල්. විමලසිරි පෙරේරා, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති නීතිඥ කපිල ගමගේ, එහි සාමාන්‍යාධිකාරී ජී.යූ. උපවංශ මහත්වරු, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝ, ප්‍රදේශවාසීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB
     
    NMD 2983

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya