ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කලාවැව සතර මහා දේවාලයන්හි කිරි ඉතිරවීමේ සහ සෙත් ශාන්ති මංගල්‍යය

    ඔක්තෝබර් 06, 2014

    කලා වැව කේන්‍ද්‍ර කර ගනිමින් වාර්ෂික ව පවත්වන කඩවර මහා දේවාලය ඇතුළු සතර මහා දේවාලයන්හි කිරි ඉතිරවීමේ සහ සෙත් ශාන්ති මංගල්‍යය අභිමානවත් ව මෙවර ද අද පෙරවරුවේ (06) පැවැත්විණි.

    ජනාධිපතිතුමාට, රජරටට මෙන් ම රටට ජාතියට සෙත් ශාන්තිය පතමින් කෙත් වතු සරු සාර වී ජන ජීවිතය සුඛිත මුදිත වේවායි මෙහිදී ප‍්‍රාර්ථනා කෙරිණි.

     

    උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා ඇතුළු ඉහළ ජන සහභාගීත්වයකින් පෙරවරු 07.52ට යෙදුණු සුබ මොහොතින් කිරි ඉතිරවීමේ මංගල්‍යය සිදු කෙරිණි. කලාවැව කඩවර දේවාලය ආශ‍්‍රිත පිහිටි අයියනායක දේවාලය, පුල්ලෙයාර් දේවාලය, විෂ්ණු දේවාලය යන මෙම දේවාලයන් හි මංගල්‍යයන් පැවැත්විණි.

     

    මෙයට සමගාමී ව ඓතිහාසික විජිතපුර රාජමහා විහාරයෙන් අලි ඇතුන් ඇතුළු සංස්කෘතිකාංගයන්ගෙන් සමන්විත වන මහා පෙරහැර අද රාත‍්‍රියේ ආරම්භ වන අතර එය කඩවර දේවාලයෙන් අවසන් කිරීමට නියමිතය.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya