ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සෝභිත හිමියන්ට හෝ අනුර කුමාර දිසානායක මහතාට ජාතික සමඟිය ඇති කළ නොහැකියි

    ඔක්තෝබර් 07, 2014
    යුද්ධයෙන් පසු රට සංවර්ධන මාවතේ ගමන් කරන බවත් යුද්ධයේ අවතාර විවිධ ස්වරූපයෙන් තවමත් තිබෙන අතර යුද්ධය නිසා ජාතීන් අතර ද විවිධ අසමඟිකම් නිර්මාණය වූ බවත් ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පැවසීය. 
     
    කටුගම්පොළ මැතිවරණ කොට්ඨාසයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත්කරමින් මාකඳුර ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
     
    යාපනය, මන්නාරම මුස්ලිම්වරුන් පැය විසිහතරෙන් පන්නා දැමූ බවත් වත්මන් ජනාධිපතිතුමාට පිං සිදු වන්නට දැන් ඔවුන් පදිංචි වෙමින් තිබෙන බවත් අමාත්‍යතුමා මෙහිදී පෙන්වා දුන්නේය. තවමත් සැකය හා අවිශ්වාසය පවතින නිසා රටට හොඳ නායකත්වයක් අවශ්‍යයි. රනිල් වික‍්‍රමසිංහ මහතා සතුව එම නායකත්ව ලක්ෂණ නොමැතියි. සෝභිත හිමියන්ට හෝ අනුර කුමාර දිසානායක මහතාටවත් වේදිකාවත් තනා පළු පැලෙන්න කතා කළාට ඉන් ජාතික සමඟිය ඇති කළ නොහැකි බවත් අමාත්‍යතුමා පැවසීය. 
     
    ඔවුන් ජාතික නායකත්වයට නොගැලපෙනු ඇත. ඒ නිසා ජාතීන් අතර එකමුතුම ගොඩනගමින් රට ඉදිරියට ගෙන යාමට අතිගරු ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කළ යුතුයි. රට සංවර්ධනය කිරීමට ගමට රටට නායකයන් අවශ්‍යයි. යුද්ධය නිසා ඇනහිට තිබූ සංවර්ධනය දැන් ඉතා වේගයෙන් සිදු වේ. මෙය ආශ්චර්යකි. මේ නිදහස ලබාදුන්නේ ජනාධිපතිතුමායි. එතැනින් නොනැවතී මහාමාර්ග සංවර්ධනය කරන්න, විදුලිය ලබාදීමට, නගර සංවර්ධනය කිරීමට ද කටයුතු කර තිබෙනවා යැයි අමාත්‍යතුමා සදහන් කළේය.
     
    මේ වෙනස කළ හැකි වූයේ ජනාධිපතිතුමාට පමණයි. රනිල් වික‍්‍රමසිංහ මහතා පාරකට බොරළු කැටයක් නොදැමූ  බවත් එක් වීදි ලාම්පුවක් නොදැමු බවත් ග‍්‍රාමීය සංවර්ධනයට එක ශත පහක් වෙන් නොකළ බවත් ඔහු මෙහිදී පැවසීය. නමුත් අද වැඩක් කළ විට ඒ වැඩේ විවේචනය කර එහි තත්ත්වය බාල්දු කිරීමට එජාපය කටයුතු කරනු ඇත. ඒ තුළින් මිනිසුන් තුළ සැකය නිර්මාණය කිරීම එජාපයේ උපක‍්‍රමයි. වැඩ නොකරන මිනිසාගේ ක‍්‍රමය විවේචනය කරන ඔවුන් අතර හොඳ විවේචනය කරන කණ්ඩායමක් ද සිටින බව අමාත්‍යතුමා පැවසීය. ද්වේශ සහගතව විවේචනය කර රටවල් සංවර්ධනය කරා ගෙන ගිය නොහැකියි. දියුණු රටවල් සංවර්ධන ප‍්‍රතිපත්ති විවේචනය නොකරන අතර වැලැක්විය නොහැකි තත්ත්ව කිසිවෙකුට පාලන කළ නොහැකි බව ඔවුන් විශ්වාස කරන බව ද අමාත්‍යතුමා පෙන්වා දුන්නේය. ස්වභාවික විපත් නැවැත්විය නොහැකියි. එසේම ඉල්ලීම් කරන පිරිස ස්වල්ප දෙනෙකි. විවේචනය කරන පිරිස විශාලයි. අනවශ්‍ය විචේචනය බොරුව රට ම විනාශ කළ හැකියි. නමුත් විවේනවලට, බොරුවලට නොසැලී මේ රට දියුණුව කරා ගෙන යාමට මේ රජයට හැකි වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සඳහා ජනාධිපතිතුමාගේ නායතක්වය සහ නිසි මගපෙන්වීම තිබෙන බවත් වැඩිදුරටත් පැවසීය.
     
    මෙහි දී ග‍්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යටතේ සංවර්ධනය කරන ලද ග‍්‍රාමීය මාර්ග සහ ප‍්‍රජා ශාලාවක් ජනතා අයිතියට පත්කෙරිණි. මෙම ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 10ක් පමණ වැය කර ඇති අතර මේ තුළින් ප‍්‍රදේශයේ පවුල් 800කට පමණ ඍජු ප‍්‍රතිලාභ ලැබෙන අතර 10,000කට පමණ වක‍්‍ර ප්‍රතිලාභ හිමි වේ. 

     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya