ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    දරුවන්ගේ නිර්මාණශීලිත්වය අප අගය කළ යුතුයි

    ඔක්තෝබර් 16, 2014
    දරුවන්ගේ නිර්මාණශීලීත්වය අප අගය කළ යුතුයි. ඒ නිසා මානසිකත්වය හොඳින් තියාගෙන ඔවුන් ව අධ්‍යාපනයට යොමු කරවන්න අවශ්‍යයි. විශ්වවිද්‍යාලය නෙමෙයි දරුවන්ගේ  ජයග්‍රහණය කියන්නේ. ඊට එහා විශාල ජයග්‍රහණ තියනවා. ඒ සඳහා කැපවීමෙන් වැඩකරන්න යැයි වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ (15) කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයේ පැවති පළාතේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් දරුවන් 800කට ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවයට සහභාගී වෙමිනි. 

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, අද දවසේ 2012 උසස් පෙළ හදාරපු දරුවන්ට ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව ගොඩනගන ලද ජනාධිපති ශිෂ්‍යත්ව ලබා දෙනවා. වයඹ පළාත ප්‍රාථමික අධ්‍යාපනය පළමු තැන තියෙන්නේ. ඒ වගේ ම කුරුණෑගල දිස්ත්‍රික්කය දිස්ත්‍රික්කයක් විදියටත් පළමුතැන තියෙන්නේ. මේ අවුරුද්දේ  7.5%කින් අධ්‍යාපන මට්ටම වැඩිවෙලා තියනවා. ඊළඟට ඔබේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත තමයි උසස් පෙළ තීරණය වෙන්නේ. ප්‍රාථමික අධ්‍යාපනය වගේ ම  සාමාන්‍ය පෙළ, උසස් පෙළ ප්‍රතිඵල ඉහළ මට්ටමකට පත්විය යුතුයි. පළාතක් විදියට සාමාන්‍ය පෙළ දෙවෙනි ස්ථානයටත් උසස් පෙළ අට වෙනි ස්ථානයටත් තමයි තිබුණේ. මේකට මුහුණ දෙන වැඩපිළිවෙළක් තමයි අපි ක්‍රියාත්මක කරගෙන යන්නේ.
     
     
    අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඉහළ මට්ටමකට ගෙන ඒමට  අපි කටයුතු කරනවා. හැම කෙනකුට ම විශ්වවිද්‍යාලයට යන්න බෑ. නමුත් විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණා කියලා දරුවන්ට වැටෙන්න දෙන්න බෑ. ඒ නිසා සමහර දරුවන් වෙනත් පැතිවලින් තමන්ගේ අධ්‍යාපන මට්ටම හදාගෙන රැකියාවල නිරත වෙනවා. ඒ නිසා ඔබ සැවො ම පළමුවෙන් ම විභාගය සමත් වීමට මහන්සි විය යුතුයි. සමත්වීම තුළ ඉදිරි වැඩ ටික කරගන්න පුළුවන්. කොට්ඨාසයෙන්  කොට්ඨාසයට විවිධ තැන්වලට උත්තර දෙන්න පුළුවන් තැනට අපි මහන්සි වෙනවා. පාසල් 1237ක්  සමස්ත ක්‍ෂේත්‍රයට ඇතුළත් වෙලා තියනවා. වයඹ පළාතෙන් වැඩි පිරිසක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යවන්න මම බලාපොරොත්තු වෙනවා. මගේ ජීවිතයේ 1979 දී නක්කාවත්ත පාසලේදී ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගෙන් පෙළ පොත් ලබා ගත්තා . ඊට පස්සේ ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය හඳුන්වලා දුන්නා.
     
     
     
    ඒ වගේ ම ප්‍රේමදාස ජනාධිපතිතුමා පාසල් දරුවන්ට පාසල් බෑග්, සපත්තු කට්ටල ලබා දුන්නා. අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සාමාන්‍ය පෙළ ඉහළ මට්ටමේ ලකුණු ලබා ගත්ත ඉහළ මට්ටම්වල දරුවන් තෝරාගෙන අධ්‍යාපනය හදාරන්න අවස්ථාව සහ  පහසුකම් ටික ලබා දෙනවා. මේ ක්‍රමය තුළ අවුරුදු දෙකක් උසස් පෙළ දක්වා යන ගමන් මාර්ගයේ මූලික අවශ්‍යතා ටික සපුරලා තියනවා.  ලෝකයේ අද අනිත් රටවල් බලපුවා ම ලංකාවේ පමණයි මෙවැනි අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ. අනෙක් රටවල්වල නිදහස් අධ්‍යාපනයක් නෑ. හැමදේකට ම මුදල් යොදවන්න ඕනේ. අද ජනාධිපතිතුමා මේ වැඩපිළිවෙළ අරගෙන යනවා පමණක් නොවෙයි.
     
     
    මේ අවුරුද්දේ වයඹ පළාතේ 37,000ක දරුවන්ට සපත්තු දෙන වැඩපිළිවෙළක් සකස් කරලා දීලා තියෙනවා. දරුවෙන්ගේ දක්ෂතා අගය කරන්න අවස්ථාවක් නැති ව ඔවුන් ලත වෙන අවස්ථා තියනවා. ඒ නිසා ලංකාවේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ජනාධිපතිතුමා අරගෙන තියෙන මේ ක්‍රියාදාමය අපිට විශාල ශක්තියක්. අද  වයඹ පළාතේ දරුවන් සමස්ත  ලංකා තරගවලින් පවා ජයග්‍රහණය කරලා තියනවා. ඒ දරුවන්ගේ නිර්මාණශීලිත්වය අපි අගය කළ යුතුයි. 498,000ක් දරුවන් අතරේ විශේෂ දක්ෂතා තියන දරුවෝ ඉන්නවා. ඔවුන්ට හරි මාර්ගය කියලා දෙන එක අපේ යුතුකම. ඒ වගේ ම සාමාන්‍ය පෙළ කරලා උසස් පෙළ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න දරුවන්ට ඒ මාස කාලය අතරතුර පාඨමාලාවන් හදාරන්න පුළුවන්. ඒකෙන් තමන්ට අමතර දැනුමක් ලැබෙනවා. මේ සියලු දේවල්වලට දරුවන්ට මාර්ගය කියලා දිය යුතුයි. සමහර දරුවෝ සාමාන්‍ය පෙළින්, උසස් පෙළින් පස්සේ අධ්‍යාපනය අත හරිනවා. ඒ නිසා ඔවුන් වෙනුවෙන් හරි විදියට මාර්ගෝපදේශනය ක්‍රියාත්මක කළ යුතුයි. පරාජය, වේදනාව දරාගන්න බැරිවෙනවා. ගුරුවරයෙක්, විදුහල්පතිවරයෙක් තරවටු කළා ම දරාගන්න බැරුව යනවා. දරුවෙකුගේ දරා ගැනීමේ ශක්තිය තීන්දු වෙන්නේ අධ්‍යාපන වැඩපිළිවෙළේ කොපමණ ඉන්නවද කියන කාරණයත් එක්කයි. ඒ නිසා මානසිකත්වය හොඳින් තියාගෙන ඔවුන් ව අධ්‍යාපනයට යොමු කරවන්න ඕනේ. විශ්වවිද්‍යාලය නෙමෙයි දරුවන්ගේ  ජයග්‍රහණය කියන්නේ. ඊට එහා විශාල ජයග්‍රහණ තියනවා. ඒ සඳහා කැපවීමෙන් වැඩකරන්න. 
     

    මෙම අවස්ථාවට වයඹ ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් පී.බී.එම්. සිරිසේන, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.ජී.එන්. තිලකරත්න, සියලු ම කලාප අධ්‍යක්ෂවරු, ශාන්ත ආනා විද්‍යාලයේ විදුහල්පති තාසි සියස් සහෝදරතුමා, ගුරුවරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. 

     ECB
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya