ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    වයඹ මහ ඇමති ධූරයේ පළමු වසර සැමරෙයි

    ඔක්තෝබර් 16, 2014

    වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා නිල වශයෙන් වැඩ ආරම්භ කර පළමු වර්ෂ පූර්ණ සැමරුම පසුගියදා වයඹ පළාත් සභා ආණ්ඩුකාරවර කාර්යාලයේදී සිදු කෙරිණ. 

    ආණ්ඩුකාරවර කාර්යාලය අසල බෝධීන් වහන්සේ ඉදිරිපිට ආගමික වතාවත්වල නියැළෙමින් ආශිර්වාදාත්මක ව මෙය සැමරූ අතර වර්ෂ පූර්ණය සිහි කිරීම පිණිස වයඹ පළාතේ ජාතික පුෂ්පය වන "ඇට්ටේරියා මල් ගසක්" ප්‍රධාන අමාත්‍යාංශ භූමියේදී රෝපණය කරන ලදී. ඉන් අනතුරු ව ප්‍රධාන අමාත්‍යවරයා පළාත් ආණ්ඩුකාරවර තිස්ස ආර්. බලල්ල මහතා ඇතුළු පළාත් අමාත්‍ය මණ්ඩලය පළාත් මන්ත්‍රීවරුන් හා පළාත් රාජ්‍ය නිලධාරීන් සඳහා තේ පැන් සංග්‍රහයක් ද පවත්වන ලදී.

    දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් ව සිට රට ම කැමති මහ ඇමති ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 2013 සැප්තැම්බර් 21 වනදා පැවති වයඹ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වූ දයාසිරි ජයසේකර මහතා එතෙක් පැවති පළාත් සභා මනාප වාර්තා බිඳ දමමින් 336,327 මනාප ඡන්ද ගනිමින් 2013 ඔක්තෝබර් 03 වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන ලදී. 

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya