ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ආයතනික ගැටුම් කළමනාකරණය පිළිබඳ වැඩමුළුවක් පොලොන්නරුවේ

    ඔක්තෝබර් 16, 2014

    සමාජසේවා අමාත්‍යාංශයේ ජාතික සමාජ සංවර්ධන ආයතනයේ මෙහෙයවීමෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් සඳහා ආයතනික ගැටුම් කළමනාකරණය පිළිබඳ දෙදින වැඩමුළුවක් අද (16) පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරිණි.


    සමාජ වගවීම හා රාජ්‍ය සේවය, රාජ්‍ය සේවයේ ගැටලු අවම කර ගැනීම සඳහා ඵලදායී සන්නිවේදනයේ හා නායකත්වයේ වැදගත්කම, ස්වයං විනය, ආචාරධර්ම පිළිපැදීම තුළින් ආයතනික ගැටුම් නිරාකරණය යන තේමා යටතේ මෙහිදී රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරෙන බව ජාතික සමාජ සංවර්ධන ආයතනයේ පුහුණු අංශයේ අධ්‍යක්ෂ කරුණාරත්න මහතා පැවසීය.

    සමාජසේවා නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියාරච්චි මහතාගේ අදහසකට අනුව මේ වැඩසටහන ක්‍රියාවට නැංවේ.

    පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද මේ අවස්ථාවට දිස්ත්‍රික්කයේ පරිපාලන හා මෙහෙයුම් අංශ ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් එක්වූහ.

    NDH/WK-BG dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya