ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ඩිප්ලෝමා ප්‍රදානය කෙරේ

    ඔක්තෝබර් 16, 2014

    2011-2013 කණ්ඩායමේ ශික්ෂණ ඩිප්ලෝමාධාරීන් 3,030 දෙනෙකු සඳහා අද (16) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඩිප්ලෝමා ප්‍රදානය කිරීමට නියමිතය.


    ඊයේ (15) ද එහිදී 2010 - 2012 කණ්ඩායමේ ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 3,013 දෙනෙකු සඳහා ඩිප්ලෝමා ප්‍රදානය කෙරිණි. 

    එහිදී අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, මේ වසරේ සිට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට බඳවා ගන්නා සියලු දෙනාට අධ්‍යාපනවේදී උපාධිය පිරිනැමීමට කටයුතු කරන බවත් දැනට ලබාදෙන අවුරුදු දෙකක් පුහුණු හා වසරක ප්‍රායෝගික පුහුණුවත් සමඟ ජාතික අධ්‍යාපන ආයතනය මඟින් වසරක පුහුණුවක් ලබාදීමෙන් පසු අධ්‍යාපනවේදී උපාධිය මෙම පිරිසට පිරිනැමීම සිදු වන බවත් පැවසීය.

    අ.පො.ස. උසස් පෙළ විභායෙන් ඉහළ ම ඉසෙඩ් ලකුණු ලබාගන්නා පිරිස විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන අතර ඊට වඩා ඉතා ම අඩු ලකුණු ලබන පිරිස විද්‍යාපීඨවලට ඇතුළත් වෙනවා. විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන පිරිස ප්‍රායෝගික පුහුණුවක් නොලබා උපාධියක් ලබාගන්නවා. විද්‍යාපීඨවලට ඇතුළත් වන පිරිස පුහුණුවත් සමඟ ප්‍රායෝගික පුහුණුව ලබාගන්නා පිරිසට ඩිප්ලෝමාවක් පිරිනැමීම බරපතළ අසාධාරණයක් බව විශ්වාස කරන නිසා මෙම තීරණය ගත් බව අමාත්‍යතුමා පෙන්වා දුන්නේය. 


    මහින්ද චින්තනයෙන් අධ්‍යාපනයේ හතර වැනි හැරවුම සිදු කර තිබෙන බවත් කන්නන්ගර චින්තනයෙන් අධ්‍යාපනය දුප්පතුන්ගේ නිත්‍ය උරුමයක් බවට පත් කිරීමට උත්සාහ කළ අතර එය ඉදිරියට ක්‍රියාත්මක කිරීම මහින්ද චින්තන ඉදිරි දැක්ම තුළින් සිදු වන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අබේරත්න බණ්ඩාර, ප්‍රධාන කොමාසාරිස් (ගුරු අධ්‍යාපන) එල්.එම්.ඩී. ධර්මසේන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya