ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    නුවරඑළිය දිවා සුරැකුම් මධ්‍යස්ථානයට මුල්ගල තැබීම අද

    ඔක්තෝබර් 16, 2014

    ළමා ලේකම් කාර්යාලයේ මෙහයවීමෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් නුවරඑළියේ ඉදිකිරීමට නියමිත දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ කටයුතු ආරම්භ කරමින් චාරිත්‍රානුකූල ව මුල්ගල් තැබීම අද (16) දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.


    මෙය රජයේ පූර්ණ වියදම මත ඉදිවන මධ්‍යම පළාතේ පළමු දිවා සුරැකුම් මධ්‍යස්ථානයයි. 

    2014 අයවැය යෝජනාවකට අනුව ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ජාතික වැඩසටහනක් ලෙස මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඉදි වේ. එවැනි අංග සම්පූර්ණ දිවා සුරැකුම් මධ්‍යස්ථාන 05ක් මෙරට තුළ ඉදිකිරීමට යෝජිතය. ළමා අපයෝජන සහ කාන්තා හිංසන වැළැක්වීමේ ව්‍යාපෘතියක් ලෙස මෙම නව දිවා සුරැකුම් මධ්‍යස්ථාන හඳුන්වා දිය හැකිය.

    නුවරඑළිය දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අතිරේක දිස්ත්‍රික් ලේකම් යූ.ඩබ්.ආර්.යූ.එම්. අමරසේකර මහත්මියගේ අධීක්ෂණය යටතේ සිදු වේ. ඒ අනුව පළමු අදියර මෙම වර්ෂය අවසන් වීමට පෙර නිම කිරීම මෙම ව්‍යාපෘතියේ ඉලක්කයයි.


    NDH/SH-dmu nuwaraeliya

    2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya