ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අසත්‍ය ප්‍රචාර හමුවේ වුව මන්නාරම ජනතාව රජය පිළිබඳ විශ්වාස කළා

    ඔක්තෝබර් 17, 2014
    රජය පිළිබඳව අසත්‍ය ප‍්‍රචාර ගෙන ගිය අවස්ථාවක පවා මන්නාරම මුසලි ජනතාව රජය ගැන විස්වාසය තබමින් කටයුතු කළ බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
     
    මන්නාරම මුසලි ප‍්‍රාදේශීය සභාවේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. 
     
    රජය පිළිබඳ ව ඇතැම් පිරිස් විවිධ වු අසත්‍ය ප‍්‍රචාර ගෙන ගිය අවස්ථාවක පවා රජය ගැන විස්වාසය තබමින් කටයුතු කළ පිරිසක් සිටින ප‍්‍රදේශයක් ලෙස මන්නාරම මුසලි ප‍්‍රදේශය හැඳින්විය හැකි බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. 
     
    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ත‍්‍රස්තවාදීන් විසින් මෙහි සිටි ජනතාව පන්නා දමා විනාශ කර තිබු මුසලි ප‍්‍රදේශයේ මාර්ග, විදුලිය, නිවාස, පාසල්, ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් සම්පුර්ණ කිරීමට ජනාධිපතිතුමා ප‍්‍රමුඛ රජය පියවර ගත් බවය. 
     
    වසර ගණනාවක් පැවති ත‍්‍රස්තවාදය හේතුවෙන් විනාශයට පත් ව මර උගුල් සහිත ව තිබු මෙම ප‍්‍රදේශයට තමන් ඉතාමත් අපහසුවෙන් නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ සහය මත පැමිණ නිරීක්‍ෂණය කර සැලසුමකට අනුව සංවර්ධනය සිදු කළ බවත්, මෙම ප‍්‍රදේශය අනෙකුත් ප‍්‍රදේශ හා යා කරමින් මෝදර ගඟ සහ මල්වතු ඔය හරහා පාලම් ඉදි කර උතුර දකුණ යා කරන්න කටයුතු කළ බවද පැවසීය. 
     
    වන ජීවී නීතිවලට අනුව යමින් එම මාර්ගයේ ඉතිරි කොටස ද සංවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් පැවසු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ මෙලෙස විශාල සංවර්ධනයක් උදා කළ හැකිවුයේ ජාති, ආගම් බේදයකින් තොර ව මර බියෙන් ජීවත් වු ජනතාවට අද මර බියක් නොමැති ව ජීවත් වීමට හැකි වාතාවරණයක් ඇති කිරීමට ජනාධිපතිතුමා පියවර ගත් නිසා බවය. 
     
    පැවැති ත‍්‍රස්තවාදය අවසන් කිරීමත් සමග ම ජාති, ආගම්, කුල බේදයකින් තොර ව දමිළ, මුස්ලිම් ජනතාව මෙම ප‍්‍රදේශවල පදිංචිකිරීමට පියවර ගත් බවත්, අද වනවිට එම ජනතාව මෙම කෙත් වතු සරුසාර කරමින් සිටින අයුරු දැකීම සතුට දනවන කරුණක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 
     
    මෙම අවස්ථාවට අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් වන එන්. ෆාරුක්, බී. ෆාරුක් යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන්, මුසලි ප‍්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ප‍්‍රමුඛ මහජන නියෝජිතයන්, උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි, පාකිස්ථානු මහ කොමසාරිස් කාසීම් කුන්ජි මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක් ව සිටිහ.
     
    DB
     
    021
     
     
    092
     
    122

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya