ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ජාතික කියවීමේ මාසයේ සැමරුම් උත්සවය හෙට

    ඔක්තෝබර් 27, 2014
    ජාතික කියවීමේ මාසයේ දස වැනි සංවත්සර සැමරුම් උත්සවය අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සරත් අමුණුගම හා ටී.බී. ඒකනායක අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් හෙට (28)පෙරවරු 9.30ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වේ.
     
    මෙහිදී කියවීමේ ප්‍රවර්ධන වැඩසටහන් සාර්ථක ලෙස ක්‍රියාත්මක කළ මහජන පුස්තකාල, පාසල් පුස්තකාල, කාර්මික විද්‍යාල, විද්‍යාපීඨ, සංස්කෘතික මධ්‍යස්ථාන 84කට සම්මාන හා සහතික පිරිනැමීමට නියමිතය.
     
    මීට අමතර ව ශ්‍රී ලංකා පුස්තකාල සංගමය, කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාල හා විඥාපන විද්‍යා අංශය, මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වෙත ද ඇගයීම් සම්මාන පිරිනැමෙනු ඇත.
     
    ප්‍රවීණ ලේඛිකා සිබිල් වෙත්තසිංහ, ප්‍රවීණ සාහිත්‍යවේදී ඩබ්ලියු.ඒ. අබේසිංහ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් උපාලි අමරසිරි, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ නාලිනි මල්ලවආරච්චි, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ හිටපු පුස්තකාලාධිපතිනි දුෂ්‍යන්ති ඩැනියෙල් මහත්ම මහත්මීන් උදෙසා සම්මාන පිරිනැමීම මෙහිදී සිදු කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya