ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    අගලවත්ත ජනතාව ජනාධිපති ආර්යාව හරසරින් පිළිගනී

    ඔක්තෝබර් 27, 2014

    ඉදිරි ජනාධිපතිවරණය සඳහා මෙහෙයුම් කාර්යාලයක් විවෘත කිරීම ඉකුත් දා ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.


    වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ සහභාගීත්වයෙන් හා සංවිධාන ශක්තියෙන් මෙය පැවැත්විණි.


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන යුගය පිළිබඳ කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත මැතිවරණ කොට්ඨාසයේ ජනතාව දැනුවත් කිරීම ද මෙය අවස්ථාවේදී සිදු විය.


    ශ්‍රී ලංකා මාතාව තිස් වසරක කුරිරු කොටි ත්‍රස්තවාදීන්ගෙන් පීඩාවට පත් කළ යුද්ධය නිම කිරීමට වත්මන් ජනාධිපතිතුමා වසර 2005 නොවැම්බර් මස 17 වන දින පැවති පස් වැනි ජනාධිපතිවරණය ජය ගැනීමෙන් අනතුරුව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේය. ඉන් අනතුරු ව වසර 2010 ජනවාරි මස 26 වැනි දින පැවති ජනාධිපතිවරණය ජයගත් රාජපක්ෂ මැතිතුමා රටේ ආර්ථිකයට, යටිතල පහසුකම් හා මානව සම්පත් දියුණුවට සුවිශාල මෙහෙයක් ඉටු කළේය.


    එම දැනුවත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තාබල මණ්ඩල සම්මේලනය ද එහිදී පැවැත්විය. එම අවස්ථාවට එක් වූ ජ්‍යෙෂ්ඨ පුරවැසි කාන්තාවක් තමා වෙත කැඳවා ගත් ජනාධිපති ආර්යාව එම වැඩිහිටි මාතාවගේ සුව දුක් විමසා ඇයට නිරෝගී භාවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමටද අමතක නොකළාය.


    මෙම අවස්ථාවට ප්‍රදේශයේ විශාල ජනතා සහභාගීත්වයක් ලැබිණි.

     

    SDF

    First Lady in AgalawaththaFirst Lady in Agalawaththa 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya