ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණ අඩු වෙනවා

    ඔක්තෝබර් 28, 2014

    මෙවර අය-වැයෙන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ලබාදීමේ සංඛ්‍යාව වැඩිකිරීමට යෝජනා කර තිබීම හේතුවෙන් ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණ 163 සිට 157 දක්වා අඩු වන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


    හෝමාගම, වටරැක කණිෂ්ඨ විද්‍යාලයේ බන්දුල ගුණවර්ධන නව ශ්‍රවණාගාරය විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) සිදු කළ අතර එහිදී අමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

    මෙම නව ශ්‍රවණාගාරය සඳහා රුපියල් ලක්ෂ 100ක් වැය කර තිබේ. මෙම පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය හා ගුරු උපහාර උළෙල ද අද දින පැවැත්විණි.

    2007ට පෙර 10,000ක් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ලබා දුන් අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2007 වර්ෂයට පසු එය 15,000 දක්වා වැඩි කළ බව පෙන්වා දුන් අමාත්‍යතුමා මෙවර අය-වැයෙන් ලංකා ඉතිහාසයේ පළමු වරට 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රමාණය 25,000 දක්වා වැඩි කිරීමේ ඓතිහාසික කාර්ය ඉටුකර තිබෙන බව පෙන්වා දුන්නේය.

    දක්ෂ දරුවෙකුට ලබා දුන් රුපියල් 500 වෙනුවට ලබන ජනවාරි සිට රුපියල් 1,500ක් මාසික ව ලබාදීමට කටයුතු කර තිබෙන බවත් එවැනි දීමනාවක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හැර වෙනත් කිසිදු රාජ්‍ය නායකයෙක් ලබා දී නැති බවත් අමාත්‍යතුමා වැඩිදුරටත් පැවසීය.

    හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පාලිත වීරසූරිය මහතා, විදුහල්පතිනී දර්ශනී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya