ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    නාගරික සංවර්ධන අධිකාරියේ අනියම් සේවකයනට ස්ථිර පත්වීම්

    ඔක්තෝබර් 28, 2014
    2015 අය-වැය ලේඛනය ඉදිරිපත් කරමින් ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත්කරන ලද රාජ්‍ය සංස්ථා හා අනෙකුත් ව්‍යවස්ථාපිත ආයතනවල සිටින දින 180ට වැඩි සේවා කාලයක් ඇති අනියම් සේවකයන් ස්ථිර කරන බවට කරන ලද යෝජනාව ක්‍රියාවට නංවමින් නාගරික සංවර්ධන අධිකාරියේ මෙතෙක් කල් සේවය කළ අනියම් සේවකයන් 115 දෙනෙකු හා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගන්නා ලද සේවකයන් 04 දෙනෙකු වෙත ස්ථිර පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම ඊයේ (27) රාජ්‍ය ආරක්ෂක හා නාගරික 
    සංවර්ධන අමාතයාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
     
    මෙම අවස්ථාවේ අදහස් ප්‍රකාශ කළ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා මහතා මෙම යෝජනාව ජනාධිපතිවරයා විසින් ගෙන එන්නට සෑහෙන කාලයකට ප්‍රථම ආරක්ෂක ලේකම්තුමාගේ උපදෙස් මත මෙම සේවකයන්ට ඔවුන් වැඩකරන ක්ෂේත්‍රයේ 06 මසක මනා පුහුණුවක් ලබා දුන් බවත් ඒ අනුව අද වන විට ඔවුන් එකී ක්ෂේත්‍රවල මනා පුහුණුවක් ඇති අය ලෙස කාර්යක්ෂම සේවයක් ඉටුකරන බවද පවසා සිටියේය.
     
    මෙම අවස්ථාවේ සිය අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා කාර්යක්ෂ ම සේවයක් ලබා ගැනීම සඳහා මෙම සේවකයන්ට පුහුණු වැඩසටහන් පවත්වා එකි ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගේ තත්ත්වයට පත් කළ බවත් එනිසා ම පසුගියදා ජනාධිපතිතුමා විසින් කරන ලද යෝජනාවට අනුව ප්‍රථමයෙන් ම මෙම පිරිසට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට හැකිවු බවත් ප්‍රකාශ කර සිටි අතර නාගරික සංවර්ධන අධිකාරිය විසින් පසුගිය කාලයේ දී රට වෙනුවෙන් ඉතා විශාල සේවයක් සිදු කරන ලද බවත් ඉදිරියේ දී ද ඒ හා සමාන සේවයක් සිදු කිරීමට තිබෙන බවත් ප්‍රකාශ කර සිටියේය. 
     
    එසේම නාගරික සංවර්ධන අධිකාරිය මගින් සිදු කරන ලබන විශේෂ ව්‍යාපෘති වන කොළඹ කොටුව අසල සිටින කුඩා වෙළෙඳුන් සඳහා වෙළෙඳ සංකීර්ණයක් ඉදිකිරීම, කැලිකසළ ප්‍රශ්නය සඳහා ස්ථිර විසඳුම් ලබාදීම, නගරාශ්‍රිත සති පොළවල් ඉදිකර එමගින් නිෂ්පාදකයාට හා වෙළෙඳුනට වඩා පහසුවෙන් සිය නිෂ්පාදන අලෙවිකර ගැනීමට හා පාරිභෝගිකයාට වඩා පහසුවෙන් සිය පාරිභෝගික භාණ්ඩ මිලදි ගැනීමට අවස්ථාව සැලසීම හා අඩු ආදායම්ලාභීන් සඳහා වු නිවාස ඉදිකිරීමේ වැඩසටහන ආදි ව්‍යාපෘති සඳහා මෙම අය-වැය මගින් ද අවශ්‍ය ප්‍රතිපාදන සපයා ඇති බවත් ඒ අනුව මෙම පත්විම් ලැබීමෙන් අනතුරු ව මෙම පිරිස විසින් වඩා කැපවීමෙන් යුතු ව හා කාර්යක්ෂම ආකාරයෙන් සිය සේවය ලබාදීමට සිතට ගත යුතු බවද මෙහිදි අවධාරණය කර සිටියේය.  
     
    නාගරික සංවර්ධන අධිකාරිය මගින් විශේෂයෙන් රටට හා ජනතාවට දැනෙන වැඩ කොටසක් සිදු කර ඇති බව පැවසූ රාජපක්ෂ මහතා ඉදිරි වසර තුළදී ද එම සේවාව නව ජවයකින් යුතු ව සිදු කිරීමට සියලුදෙනා ම අදිටන් කර ගත යුතු බවද මෙහිදී වැඩිදුරටත් පවසා සිටි අතර ස්ථිර පත්වීම් ලබා ගන්නා සියලු දෙනාට සිය සුභපැතුම් ප්‍රදානය කිරීමටද ආරක්ෂක ලේකම්වරයා මෙහිදී අමතක නොකළේය.
     
    ස්ථිර පත්වීම් ලිපි ලබාදිම ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (තාක්ෂණ) රොහාන් සෙනවිරත්න, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා, අධ්‍යක්ෂ ජනරාල් හර්ෂණ ද සිල්වා, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් බ්‍රිගේඩියර් සමන්ත ජයසුන්දර යන මහත්වරු අතින් සිදු කෙරිණි.
     
    මෙම අවස්ථාව සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරිවරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya