ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    යුද්ධය මෙන් විශ්‍රාමිකයන්ගේ ප්‍රශ්නය විසඳීමත් ලොකු දෙයක් නො වේ

    ඔක්තෝබර් 28, 2014
    යුද්ධය අවසන් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට විශ්‍රාමිකයන්ගේ ප්‍රශ්නය විසඳීම විශාල දෙයක් නොවන බවත් 2015 වන විට වැඩිහිටියන්ට සියලු ම සහන ලබාදීම තුළින් සියලු විෂමතා නිවැරදි කරන බවත් වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ පසුගියදින ගල්ගමුව, පාළුකඩවල පැවති ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම් උළෙලේදී ය.
     
    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ "අය-වැයෙන් වැඩිහිටියන් වෙනුවෙන් රුපියල් 2000ක් වැඩියෙන් ලබාදීමට කටයුතු කළා. අපේ අම්මලා තාත්තලා තමන්ට ලැබෙන විශ්‍රාම වැටුප, අර්ථසාධකය සියල්ල බැංකුවක දාලා ජීවත් වෙනවා. ජනාධිපතිතුමා සියලු ම වැඩිහිටියන් වෙනුවෙන් වැඩිහිටි තැන්පතුවලට 12% ක් ගෙවන්න තීන්දු කළා. මහ බැංකුවෙන් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 30ක් වෙන් කරලා තියෙන්නේ. ඒ වගේම අද ආබාධිතයන්ට ප්‍රශ්න තියනවා. වකුගඩු රෝගීන් ඉන්නවා. මේ සියල්ල එක්ක විශ්‍රාම වැටුප පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. මම එදත් කිව්වා යුද්ධය ඉවරකරපු ජනාධිපතිතුමාට විශ්‍රාමිකයන්ගේ ප්‍රශ්නය විසඳන එක ලොකු දෙයක් නෙමෙයි කියලා. 2015 වෙනකොට සියලු ම සහන ටික දෙනවා. සියලු විෂමතා හදනවා".
     
    "ජනතා විමුක්ති පෙරමුණෙන් කිව්වා වැටුපට රුපියල් 7,800ක් එල්ලලා තියෙන්නේ කියලා. එල්ලලා නෙමෙයි ඒකත් එකතුකරලා  තියෙන්නේ අද රාජ්‍ය සේවකයෙකුගේ මූලික වැටුප රුපියල් 15,000 දක්වා වැඩිවෙලා තියනවා. තමන්ගේ විශ්‍රාම වැටුප ගන්න බැරුව දුක් විඳින අම්මලා තාත්තලා හිටියා. අද ඒ තත්ත්වය ඉවරයි. විශේෂයෙන් වයඹ පළාතේ වැඩිහිටියන් වෙනුවෙන් මම සෑම කටයුත්තකට ම කැපවෙලා සහයෝගය දෙනවා. ඒ වගේම සෑම වැඩිහිටි සංගමයකටම අවශ්‍ය කරන කටයුතු කරන්න වැඩපිළිවෙළක් සකස් කරලා තියනවා" යැයි ද ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර නීතිඥ තිස්ස ආර්. බලල්ල, වයඹ පළාත් ළමා හා පරිවාස, ග්‍රාම සංවර්ධන අමාත්‍ය එස්. කුමාර රාජපක්ෂ, සෞඛ්‍ය හා ක්‍රීඩා අමාත්‍ය ඩී.බී. හේරත්, වයඹ පළාත් සමාජ සේවා අධ්‍යක්‍ෂ කමල් අමරසිංහ සහ වැඩිහිටියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya