ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ගනේවල්පොල - දාච්චි හල්මිල්ලෑව දක්වා මාර්ගය කාපට් ඇතිරීම අරඹයි

    ඔක්තෝබර් 28, 2014

    විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගෙන් කළ ඉල්ලීමක ප‍්‍රතිඵලයක් ලෙස කැකිරාව ගනේවල්පොල හරහා දාච්චි හල්මිල්ලෑව දක්වා මාර්ගයේ කිලෝ මීටර් 52.47ක් කාපට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කෙරිණි.


    අදාළ මාර්ගයේ කිලෝ මීටර් 36.9ක් ප‍්‍රථම අදියර යටතේ කාපට් කෙරෙන අතර ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්‍ෂ තිස්තුන්දහස් හත්සිය හැත්තෑවකි. මේ අනුව කිලෝ මීටර් 52.47ක සම්පූර්ණ දුර සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්‍ෂ හතලිස් හත්දහස් නවසිය පනහක් වන අතර සම්පූර්ණ දුර ප‍්‍රමාණය කාපට් කිරීම වසර 02ක් තුළ අවසන් කිරීමට නියමිතය.

    මේ මාර්ගය ඉදිකිරීමෙන් කැකිරාවේ සිට මිහින්තලයට නොගොස් හොරොව්පොතාන මාර්ගයෙන් ත්‍රීකුණාමලයට ළඟා විය හැක. එමෙන් ම මාර්ගය සකස් කිරීමෙන් පසු කිලෝ මීටර් 40ක පමණ දුරක් අඩුවෙන් ඒ-9 කැකිරාව මාර්ගයේ සිට මේ මාර්ගය ඔස්සේ ත්‍රීකුණාමල මාර්ගයට ළඟා විය හැකිවේ.

    මේ මාර්ගය සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ප‍්‍රතිපාදන යොදවයි. මාර්ගයේ කාපට් කිරීමේ කටයුතු විශේෂ ව්‍යාපෘති අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන සහ උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (27) කැකිරාවේදී ආරම්භ කෙරිණි.

    මේ අවස්ථාවට කැකිරාව ශ‍්‍රී.ල.නි.ප. ප‍්‍රධාන සංවිධායක පළාත් සභා මන්ත‍්‍රී ගමගේ වීරසේන සහ පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන සරත් ඉලංගසිංහ, පී.බී. කුමාර, අනුරාධපුර නගරාධිපති එච්.පී. සෝමදාස, කැකිරාව ප‍්‍රාදේශීය සභා සභාපති ප‍්‍රභාත් ගමගේ, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී සේනක වල්පොළ, මාර්ග සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්‍ෂ ශිරාන් ඒකනායක, ප‍්‍රධාන ඉංජිනේරු කිත්සිරි බන්නැහැක යන මහත්වරු ඇතුළු පිරිසක් එක්වූහ.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya