ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    'සම්මාභිමානී' ආගමික වැඩසටහන් මාලාව ඇරඹේ

    නොවැම්බර් 07, 2014
    වර්තමාන සමාජයේ අධ්‍යාත්මික සංවර්ධනය අරමුණු කරගමින් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරනු ලබන ‘සම්මාභිමානී’ ආගමික වැඩසටහන් මාලාව අද (07) පෙරවරුවේ උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය පදලංගල චන්ද්‍රිකාවැව ජයන්ති මහා විද්‍යාලයෙන් ආරම්භ විය.
     
    මෙම සමාරම්භක අවස්ථාව සඳහා ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයට අයත් පාසල් දරු දැරියන් 5000කට අධික පිරිසක් සහභාගි වූහ.
     
    යුද හමුදා කාර්යමණ්ඩල ප්‍රධානී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා විසින් ධර්ම දේශකයාණන් වහන්සේ වැඩමවාගෙන එනු ලැබීය.
     
    අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතා ඇතුළු මෙම 5000කට අධික සිසු දරුවන් අයත් පාසල් ගුරුභවතුන් මෙන් ම විදුහල්පතිවරු ද මෙම අවස්ථාවට එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya