ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    විදෙස් සංචාරක පැමිණීම ඉහළට

    නොවැම්බර් 08, 2014

    ශී‍්‍ර ලංකාව සංචාරක ආකර්ෂණීය රටක් බවට නැවත පත් කරමින් විදේශීය සංචාරකයන්ගේ පැමිණිම 13.6%කින් ඉහළ ගොස් තිබේ. 2013 වසරේ ඔක්තෝබර් මාසයේ දී ශී‍්‍ර ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන්ගේ සංඛ්‍යාවට සාපේක්ෂව මේ වසරේ ඔක්තෝබර් මාසයේ දී එම වර්ධනය පෙන්නුම් කර තිබේ. ඒ අනුව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී විදේශීය සංචාරකයන් 107,058 දෙනෙකු මෙරටට පැමිණ තිබෙන බව ද ඊට සාපේක්ෂව මේ වසරේ එම මාසයේදී විදේශීය සංචාරකයන් 121,576 දෙනෙකු පැමිණ තිබෙන බව ද ශී‍්‍ර ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.


    මේ වසරේ ඔක්තෝබර් මාසය අවසන් වන විට විදේශීය සංචාරකයන් 1,228,754 දෙනෙකු ශී‍්‍ර ලංකාවට පැමිණ තිබෙන බව පෙන්වා දෙන ශී‍්‍ර ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය එය 2013 වසරේ මුල් මාස දහයේදී ශී‍්‍ර ලංකාට පැමිණි විදේශීය සංචාරකයන් 1,011,255ට සාපේක්ෂව 21.5%ක වර්ධනයක් බව ද ප‍්‍රකාශ කරයි.

    එළඹෙන 2016 වන විට ශී‍්‍ර ලංකාවට විදේශීය සංචාරකයන් ලක්ෂ 25ක් ගෙන්වා ගැනීම රජයේ අරමුණ වී තිබෙන අතර ඒ වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සහ මඟ පෙන්වීම දැනටමත් සිදු කර ගෙන යන බවද අවශ්‍ය ඉලක්ක කරා ළඟා වීමට හැකියාව ලැබෙනු ඇතැයි ද ශී‍්‍ර ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශය විශ්වාසය පළ කරයි.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya